/
/
title icon
දේශබන්දු පොලිස්පති ධුරයෙන් නෙරපීමට විමර්ශන කමිටු⁣වෙන් නිර්දේශ
දේශබන්දු පොලිස්පති ධුරයෙන් නෙරපීමට විමර්ශන කමිටු⁣වෙන් නිර්දේශ
Editor
8 hours ago
Share:
දේශබන්දු පොලිස්පති ධුරයෙන් නෙරපීමට විමර්ශන කමිටු⁣වෙන් නිර්දේශ

ධුරයේ කටයුතු කිරීම අත්හිටුවා අනිවාර්යය නිවාඩු යවා සිටි පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා එම ධුරයෙන් නෙරපීම සඳහා ඔහු පිළිබඳ විමර්ශනය කිරීමට පත්කළ පාර්ලිමේන්තු පරීක්ෂණ කමිටුව නිර්දේශ කර ඇතැයි කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද පාර්ලිමේන්තුවට දැනුම් දෙනු ලැබුවා.

කථානායකවරයා ප්‍රකාශ කළේ, අදාළ කමිටු වාර්තාව තමාට ලැබුණු බවත්, එමඟින් දේශබන්දු තෙන්නකෝන් මහතා ඔහුට එරෙහි චෝදනාවලට වැරදිකරු කර ඇති බවයි.

මේ අතර, අදාළ වාර්තාව මුද්‍රණය කිරීමටත්, පාර්ලිමේන්තු වෙබ් අඩවියේ දැක්වීමටත් තීරණය කළ බව ප්‍රකාශ කෙරුණා.

දේශබන්දු තෙන්නකෝන් මහතා සිදුකර ඇති බව කියන විෂමාචාර සහ සිය ධුරයේ බලතල බරපතළ අන්දමින් භාවිත කිරීම සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තාවක් සකස් කිරීම සඳහා විශේෂ පරීක්ෂණ කමිටුවක් පසුගිය අප්‍රේල් මාසයේ දී පත්කරනු ලැබුවා.

එම කමිටුවේ සභාපතිවරයා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පත්මන් සූරසේන මහතා කටයුතු කළා.

එහි සෙසු සාමාජිකයින් ලෙස විනිසුරු නීල් ඉද්දවෙල සහ ජාතික පොලිස් කොමිෂන් සභාවේ සභාපති ලලිත් ඒකනායක යන මහත්වරු කටයුතු කරනු ලැබුවා.

මෙම පරීක්ෂණ කමිටුව අවස්ථා 10කට වැඩි ගණනකදී රැස්වී සාක්ෂි සටහන් කර ගත්තා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required