/
/
title icon
හිඟයකින් තොරව ඖෂධ ලබාදීමට කඩිනම් පියවර ගන්න - ජනපතිගෙන් උපදෙස්
හිඟයකින් තොරව ඖෂධ ලබාදීමට කඩිනම් පියවර ගන්න - ජනපතිගෙන් උපදෙස්
Editor
22 hours ago
Share:
හිඟයකින් තොරව ඖෂධ ලබාදීමට කඩිනම් පියවර ගන්න - ජනපතිගෙන් උපදෙස්

හිඟයකින් තොරව ජනතාවට අවශ්‍ය ඖෂධ අඛණ්ඩව සැපයීම සඳහා අවැසි ප්‍රතිපාදන වෙන්කර ඇති බැවින් ඒ සඳහා කඩිනම් පියවර ගන්නැයි ජනාධිපති අනුර කුමාර දිසානායක අද සෞඛ්‍ය බලධාරීන්ට උපදෙස් ලබාදුන්නා.

ඒ, සෞඛ්‍ය අමාත්‍යවරයා, නියෝජ්‍ය අමාත්‍යවරයා සහ අමාත්‍යාංශයේ නිලධාරින් සමඟ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදීයී.

ඖෂධ මිලදීගැනීමේ සහ බෙදාහැරීමේ යාන්ත්‍රණය විධිමත් කරන ලෙසත් ඊට අවශ්‍ය ප්‍රතිපාදන මේ වනවිට මහා භාණ්ඩාගාරයෙන් වෙන් කර ඇති බවත් ජනාධිපතිවරයා එහිදී සඳහන් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළා. 

මේ අතර, රෝහල් රැසක මේ වන විට අත්‍යවශ්‍ය ඖෂධ සහ උපකරණ හිඟයක් පවතින බවට තොරතුරු වාර්තා වනවා.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ද මේ පිළිබඳ පසුගිය දින කිහිපයේ කරුණු සඳහන කළා.

ඔවුන් පවසන පරිදි මේ වන විට රජයේ රෝහල් රැසක දියවැඩියාව ඇතුළු බෝ නොවන රෝග, පිළිකා, ශ්වසන ආබාධ ඇතුළු රෝග සඳහා ලබාදෙන ඖෂධ මෙන්ම වේදනා නාශකවල පවා හිඟයක් පවතිනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required