
වාහන ආනයනය සීමාකිරීමට රජයේ හෝ මහ බැංකුව කිසිදු තීරණයක් ගෙන නොමැති බව මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා.
මහ බැංකුවේ අද පැවති මුදල් ප්‍රතිපත්ති විවරණය දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී වාහන ආනයනය සීමා කිරීමට රජය හෝ මහ බැංකුව තීරණය කර ඇත්දැයි මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට ප්‍රතිචාර දක්වමින් මහ බැංකු අධිපතිවරයා මේ බව සඳහන් කළා.
එහිදී වැඩිදුරටත් මහ බැංකු අධිපතිවරයා කියා සිටියේ එවැනි යමක් සිදුකිරීමට මහ බැංකුවේ කිසිදු අවධානයක් යොමුව නොමැති බවයි.