
මිළඟ අගවිනිසුරු ධුරය සඳහා ප්‍රීති පද්මන් සූරසේන මහතාගේ නම ව්‍යවස්ථාදායක සභාව විසින් ඒකමතිකව අනුමත කර තිබෙනවා.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ප්‍රීති පද්මන් සූරසේන මහතාගේ නම පසුගියදා ව්‍යවස්ථාදායක සභාවට අනුමැතිය සඳහා ඉදිරිපත් කළා.
ඒ අනුව අද රැස්වූ ව්‍යවස්ථාදායක සභාවේදී ඊට අනුමැතිය හිමිව ඇති බවයි වාර්තා වුණේ.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ ජ්‍යෙෂ්ඨතම විනිසුරුවරයෙකු වන ප්‍රීති පද්මන් සූරසේන මහතා මීට පෙර අධිකරණ සේවා කොමිසමේ සාමාජිකයෙකු ලෙසද සේවය කරනු ලැබුවා.
ඉහළ පෙළේ නඩු කිහිපයක මුලසුන හොබවා ඇති ඒ මහතා, ධුරයේ රාජකාරී සිදුකිරීම අත්හිටුවා ඇති දේශබන්දු තෙන්නකෝන්ට එරෙහි චෝදනා විමර්ශනය කරන පාර්ලිමේන්තු කමිටුවේ සභාපතිවරයා ලෙසද කටයුතු කළා.
මේ අතර, වත්මන් අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය ලබන 27 වැනිදා එම ධුරයෙන් විශ්‍රාම යෑමට නියමිතයි.