/
/
title icon
රිදී මිලත් ඉහළට - වැඩිවුණේ ආයෝජකයින්ගේ වැඩක් නිසා
රිදී මිලත් ඉහළට - වැඩිවුණේ ආයෝජකයින්ගේ වැඩක් නිසා
News Editor
1 month ago
Share:
රිදී මිලත් ඉහළට - වැඩිවුණේ ආයෝජකයින්ගේ වැඩක් නිසා

ලෝක වෙළෙඳපොළේ රිදී මිල වාර්තාගත වැඩීවමක් පෙන්නුම් කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තාවලට අනුව කළේ, මේ වනවිට ලෝක වෙළෙඳපොළේ රිදී අවුන්සයක මිල ඩොලර් 39.40ක් එනම් රුපියල් 11,885ක් බවයි.

ඒ අනුව මෙම වසරේ රිදී මිල 36%කින් ඉහළ ගොස් ඇති අතර, ඊයේ දිනයේ පමණක් එම අගය 0.3%කින් ඉහළගොස් තිබුණා.

අමෙරිකාව විසින් එරට තීරුබදු ප්‍රතිපත්තිය වෙනස් කිරීමත් සමග රන්, රිදී, ප්ලැටිනම්, පැලේඩියම් වැනි ලෝහවලට ආයෝජකයින් වැඩිවශයෙන් නැඹුරුවීම මෙලෙස රිදී මිලේ ඉහළ යෑමට හේතු වී තිබෙනවා.

මෙහි විශේෂත්වය වන්නේ මෙම වසරේ දී රිදී මිල 36% කින් ඉහළ ගියද, රත්‍රන් මිල ඉහළගොස් ඇත්තේ 31%කින් පමණක් වීමයි.

නවතම අනාවරණය අනුව මෙම වසරේ රිදී අවුන්සයක මිල ඩොලර් 42 දක්වා ඉහළ යා හැකියි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required