
WWE රෙස්ලිං වළල්ලේ දැවැන්තයෙක් වන අමෙරිකානු ජාතික හල්ක් හෝගන් නොහොත් ටෙරී බොලියා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
හදිසියේ ඇති වූ හෘදයාබාධ තත්ත්වයක් හේතුවෙන් ඔහු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
අමෙරිකාවේ ජෝජියාහිදී උපත ලැබූ ටෙරී බොලියා, මියයන විට 71 වන වියේ පසුවුණා.
උපතින් ටෙරී බොලියා වුවත්, රෙස්ලිං පිටියේ ජනප්‍රිය වූයේ හල්ක් හෝගන් නමින්.
1980 දශකයේ වෘත්තීය රෙස්ලිං ක්‍රීඩාවට පිවිසි හල්ක්, ලොව පුරා වඩාත් ජනප්‍රියත්වයට පත් වූයේ ඔහු ලැබූ ජයග්‍රහණ හේතුවෙන්.
ඒ හේතුවෙන් වෘත්තීය රෙස්ලිං ක්‍රීඩකයින්ට ගෞරව කිරීමක් ලෙස එක්කරන 'WWE Hall of Fame' නාමාවලියටද හෝගන්ගේ නාමය එක්කෙරුණා.