/
/
title icon
PHARMACY 82 බලපත්‍ර අත්හිටුවීමට පියවර ගැනේ
PHARMACY 82 බලපත්‍ර අත්හිටුවීමට පියවර ගැනේ
Editor
16 hours ago
Share:
PHARMACY 82 බලපත්‍ර අත්හිටුවීමට පියවර ගැනේ

දිවයින පුරා ඖෂධ අලෙවිසැල් 82ක බලපත්‍ර තාවකාලික අත්හිටුවීමට පියවර ගෙන ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළා. 

ඒ සම්බන්ධයෙන් අද දිනයේදී පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ මෙම ඖෂධ අලෙවිසැල් නිසි ප්‍රමිතිය යටතේ පවත්වා ගෙන නොයාම හේතුවෙන් මෙලෙස ඔවුන්ගේ බලපත්‍ර තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන ඇති බවයි.

එමෙන්ම මෙම වසරේ ආරම්භයේ සිට ජූලි මස 18 වැනි දින දක්වා ජාතික ඖෂධ නියාම අධිකාරිය වෙත ඖෂධ ශාලා බලපත්‍ර අලුත් කිරීම සඳහා ඉල්ලුම් පත් 2039ක් ලැබී ඇති බවත්, ඉන් ඖෂධ ශාලා 1820කට නව බලපත්‍ර ලබාදීමට පියවර ගත් බවත් අමාත්‍යවරයා එහිදී සඳහන් කළා.

ඒ අනුව එම කාලය තුළ ඖෂධ අලෙවිසැල් 219ක බලපත්‍ර යාවත්කාලීන කිරීම තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන ඇති බවත් ඉන් ඖෂධ අලෙවි සැල් 137ක පූර්ණ කාලීනව ඖෂධවේදීන් සේවයේ නියුතු නොවීම හේතුවක් වී ඇති බවත් අමාත්‍ය නලින්ද ජයතිස්ස කියා සිටියා. 

එබැවින් පූර්ණ කාලීනව වගවිය යුතු ඖෂධවේදීන් ඉදිරිපත් කරනතෙක් එම බලපත්‍ර තාවකාලිකව අලුත් කිරීම අත්හිටවූ බවද ඔහු  එහිදී තවදුරටත් සඳහන් කළා. 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required