
සංගීතය කියලා කියන්නේ හිත නිවන භාවනාවක්.වාදනයට මෙන්ම ගායනයට ද මිනිස්සුන්ගේ හිත් අස්සට රිංගලා ඔවුන්ගේ හදවතේ සියුම් තැන් හරි අපූරුවට ස්පර්ශ කරන්න පුලුවන්.විඩාබර මනසට සංගීතයෙන් ලැබෙන සහනය මෙතෙක් යැයි කියා කිව නොහැකි තරම්.විඳීම් මෙන්ම වේදනාවන්ද හරි රහට හදවතට සමීප කරන්න පුලුවන් හරි අපූරු මිරකල් එකක් තමයි සංගීතය කියන්නේ.ඉතිං අද සන්නස අපිත් සමග කතාබහට එකතු වී සිටින්නේ මෙම සංගීතය කියන හරි අපූරු කලාව තුළින් ප්‍රේක්ෂක හදවත් සොරාගත් නවපරපුරේ ගායන තාරකාවක්.ඉතිං ආයුබෝවන් කියලා පිළිගන්නවා මනේන්ද්‍රි ඔබව අපගේ කතාබහට.
- අපි මුලින්ම දැන ගන්න කැමතියි ඔබ ගැන
මගේ නම මනේන්ද්‍රි අබේකෝන්.මගේ පවුලේ අම්මයි, තාත්තයි, මල්ලියි,මමයි ඉන්නේ. මම පාසල් අධ්‍යාපනය ලැබුවේ කොළඹ 7 ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමය විද්‍යාලයේ.මම මේ වන විට කැලණිය විශ්වවිද්‍යාලයේ ජන සන්නිවේදන අධ්‍යයන අංශයේ මහජන සම්බන්ධතා හා මාධ්‍ය කළමනාකරණය ගෞරව උපාධි පාඨමාලාව හදාරනවා. මේ වෙද්දි මගේ සරසවි ජීවිතයේ අවසාන වසර තුළ අධ්‍යන කටයුතු සිදුකරමින් සිටින මම Tv දෙරණ ආයතනය තුළ මගේ විශ්වවිද්‍යාල සීමාවාසික පුහුණුව ලබමින් ඉන්නවා.මගේ අධ්‍යාපන කටයුතු වලට අමතරව මම ප්‍රධාන වශයෙන් සංගීතය සමග කටයුතු කරමින් ඉන්නවා.
- අපි කවුරුත් ආදරය කරන කලාවක් තමයි සංගීතය කියන්නේ.ඉතිං අපි දැනගන්න කැමතියි ඔබගෙන් ඔබගේ සංගීත කටයුතු වල ආරම්භය සහ මේ දක්වා එහි ගමන්මග පිළිබදව
ඔව් ඇත්තටම මම සංගීතය හදාරන්න පෙළඹෙන්නේ මගේ අම්මාගේ කැමැත්ත මත. ඒ කියන්නේ මගේ අම්මට ලොකු ආසාවක් තිබ්බා මම ගීත ගායනා කරනවා දකින්න. ඒත් සමගම තමයි මම සංගීතය හදාරන්න පෙළඹෙන්නේ සහ අපේ පවුල් පසුබිම ගත්තොත් මගේ සීයා ගුවන්විදුලි සංස්ථාවේ ගීත ගායනා කරපු කෙනෙක්. ඉතින් එතනිනුත් මට ලොකු පන්නරයක් ලැබුණා සංගීත දිවියට ප්‍රවිෂ්ඨ වෙන්න.මම මුලින්ම සංගීතය විෂයක් විදියට හදාරන්න පටන් ගන්නේ මට අවුරුදු හයක් වගේ පුංචි කාලෙදිමයි.එතනදී මම මුලින්ම සංගීතය සම්බන්ධව ගුරුහරුකම් ලබාගත්තේ චන්ද්‍රිකා සිරිවර්ධන ගුරුතුමියගෙන්. එතුමිය විසින් ඒ කාලෙදි පැවැත්වුවා සංගීත ප්‍රසංග දෙකක්.මේ ප්‍රසංගවලත් මම ගීත ගායනා කළා සෙසු පිරිස සමඟ.ඇත්තටම ඒක මගේ ජීවිතයේ විශේෂ අවස්ථාවක් මොකද ඒ වෙද්දි මගේ වයස මම කලින් කිව්වා වගේ අවුරුදු හයක් වගේ ඉතාමත් පුංචි වයසක්.ඉන් අනතුරුව මම ගුවන්විදුලි සංස්ථාවේ 'හඳමාමා' වැඩසටහනේ ගීත ගායනා කළා.එතනදි තමයි මම මුලින්ම ගුවන්විදුලිය සමඟ සම්බන්ධ වෙන්නේ. එහිදී මුලින්ම මම ගුවන්විදුලි සංස්ථාව තුළ ගායනා කළේ ඉන්ද්‍රාණී පෙරේරා මහත්මියගේ 'මතකය ඇසුරින්'යන ගීතය.ඒ වගේම මම මගේ පාසල් සංගීත ගුරුවරියගෙන්ද අධ්‍යාපනය ලැබුවා සංගීතය පිළිබඳව. මේ වෙද්දි අද වන විට මගේ සියලුම සංගීත වැඩකටයුතු වලට මට ගුරුහරුකම් ලබා දෙන්නේ සමන්ත අමරජීව සර්.මගේ ලොකු හීනයක් තිබුණා මගේම කියලා ගීත නිර්මාණයක් සිදු කරන්න.එතනදී මගේම පළමු ගීතය සඳහා සියලු මගපෙන්වීම් සිදු කළේ මගේ සංගීතාචාර්යවරයා වන සමන්ත අමරජීව සර්ම තමයි.එතනදි මගේ එම පළමු ගීත නිර්මාණය සදහා සර් මට නවරත්න ගමගේ කියන ප්‍රවීණ සංගීතඥතුමා ඒ සඳහා සම්බන්ධ කරලා දෙනවා.'මේ කුළු වියනින්' කියන්නේ එම ගීතය.එය මේ වෙද්දී YouTube ඔස්සේ බලන්න පුළුවන්.ගීතයේ පද රචනය සිදුකළේ වසන්ත කුමාර කොබවක මහතා විසින්.ඒ වගේම මෙහි නාද මාලාව සහ සංගීතය නිර්මාණය කළේ නවරත්න ගමගේ මහතා විසින්.ඒ වගේම කියන්න ඕනේ මගේ තිබුණු තවත් හීනයක් තමයි විශ්වවිද්‍යාලය තුළම මගේම කියල සංගීත ප්‍රසංගයක් සිදුකරන එක.ඉතින් මේ අවුරුද්දේ ජනවාරි 15 වන දින ඒ දේ මට සිදු කරගන්න පුළුවන් වුණා.එහිදී මට Derana Dream Star Season 8 තරගාවලිය තුළ සිහින කිරුළ හිමිකර ගත් සුමීර සුමංග අයියා සමග ගීත ගායනා කිරීමටත් මට හැකියාව ලැබෙනවා.මම කලින් කියපු ගීතයට අමතරව තවත් මගේම ගීත දෙකක් නිර්මාණය කරන්න මට හැකියාව ලැබුණා.එම ගීත දෙකම මම මගේ ප්‍රසංගය තුළ ගායනා කළා.එතැනදී තමයි එම ගීත දෙකම රිලීස් වෙන්නේ.නමුත් එහි රූප රචනය තාම නිර්මාණය කරමින් යන නිසා තවම එය සමාජ මාධ්‍ය තුළට මුදාහැරලා නෑ. ඒ වගේම කියන්න ඕනේ මම බටහිර සංගීතය හදාරලා තියෙනවා සහ තවමත් මම බටහිර සංගීතය පිළිබඳව ස්වයං අධ්‍යයනය කිරීමක් සිදුකරමින් යනවා.ඒ වගේම මගේ පාසල් කාලය තුළදීම සංගීත විශාරද විභාගයන්වලට මම මුහුණ දෙනවා ගායනය සහ වාදනය යන දෙඅංශයෙන්ම. ඒ කාලෙදිම මම එම විශාරද විභාග වැඩකටයුතු සියල්ලම අවසන් කරනවා.ඒ වගේම මේ වෙද්දී ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ A ශ්‍රේණියේ ගායිකාවක් විදිහට වැඩ කටයුතු කරමින් යනවා.ඒ වගේම ජාතික රූපවාහිනිය තුළද මට ගොඩක් අවස්ථා ලැබිලා තියෙනවා සංගීතය සම්බන්ධව.ජාතික රූපවාහිනියේ ප්‍රසිද්ධම වැඩසටහනක් වන 'සිහිනයකි රෑ' වැඩසටහනේ මම ගීත ගායනා කරලා තියෙනවා.ඒ වගේම චරණ ටී.වී කියන රූපවාහිනී නාලිකාව තුළ විකාශනය වෙනවා ‘ආදරණීය දිසාපාමොක්’ කියලා වැඩසටහනක්.ඉතිං ඒ වැඩසටහන තුළත් මම ගීත ගායනා කරලා තියෙනවා.ඒ වගේම කියන්න ඕනෙ මීට අමතරව මාධ්‍ය ක්ෂේත්‍රය සම්බන්ධව ජාතික රූපවාහිනිය තුළ මාස හයක පුහුණුවකුත්,ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව තුළ මාස තුනකට ආසන්න කාලයකුත් මම පුහුණුවක් ලබලා තියෙනවා.ඉතින් සංගීතය කියලා කියන්නේ නිරන්තරයෙන් පුහුණුවෙමින් හැදෑරිය යුතු දෙයක්.සංගීතය ඇතුළෙ තියෙනවා Siging ටෙක්නික්ස්,ස්ටයිල්ස් කියලා ගොඩක් අපිට ඉගෙනගන්න දේවල්.ඉතින් මම දැනටත් ඒ දේවල් අධ්‍යයනය කරමින් තමයි මගේ සංගීත වැඩකටයුතු සිදු කරගෙන යන්නේ.
- විශ්වවිද්‍යාල විද්‍යාර්ථයෙක් වන ඔබට විශ්වවිද්‍යාල වැඩ කටයුතු සමග සංගීත වැඩකටයුතු කළමනාකරණය කරගෙන යාම දැඩි අභියෝගයක්. ඒ ගැනත් අපි කතා කරමු.
අධ්‍යාපන කටයුතු සහ සංගීත වැඩකටයුතු යන දෙකම බැලන්ස් කරගෙන යන එක ඇත්තටම අභියෝගයක්. ඇත්තටම සංගීතය කියන්නේ මම ඉතා කුඩා කාලයේ පටන් හදාරපු දෙයක්.මම 2017 වසරෙදි තමයි මගේ සංගීත විශාරද විභාග වැඩ කටයුතු සියල්ලම අවසන් කරන්නේ.2017 අවුරුද්දෙදිත් මම පසල් යන ශිෂ්‍යාවක්.ඉතින් ඒත් මම කොහොමහරි පවුලෙන් ලැබෙන සහයෝගයත් සමඟ මගේ අධ්‍යාපන කටයුතුයි එම සංගීත වැඩකටයුතුයි දෙකම සාර්ථකව කරගත්තා. ඒක අදටත් ඒ විදිහම තමයි.අදටත් මගේ විශ්වවිද්‍යාල අධ්‍යයන කටයුතු මෙන්ම මගේ සංගීත වැඩකටයුතුත් මම හොඳින් කරගෙන යනවා.සමහර දවස්වලට මගේ රෙකෝඩින්ස් ඉවර වෙනකොට පසුදින පාන්දර වෙන අවස්ථා තියෙනවා.ඒත් කොහොම හරි මම මගේ අධ්‍යාපන වැඩ කටයුතු වලටත් ටයිම් එකක් වෙන්කර ගෙන ඒවටත් ෆෝකස් කරනවා.මම විශ්වවිද්‍යාල ජීවිතය තුළ සංගීතය විෂයක් විදියට ඒ කියන්නේ උපාධි පාඨමාලාවක් විදියට හදාරන්නේ නැහැ.මගේ කැමැත්ත තිබුණේ මාධ්‍ය ක්ෂේත්‍රයෙන් උපාධියක් හදාරන්න.ඉතින් මං කිසිසේත්ම මේ දෙක පටලවගෙන නැහැ. නිදහසේ අධ්‍යාපන කටයුතුත් සංගීත කටයුතුත් සිදුකරගෙන යනවා.කලින් කිව්වා වගේ මගේම කියල මේ වෙද්දි ගීත තුනක් නිර්මාණය වෙලා තිබෙනවා. ඒ වගේම මගේම කියලා සංගීත ප්‍රසංගයක් මේ වෙද්දී මම පවත්වලා තිබෙනවා.ඊට අමතරව විශ්ව විද්‍යාලයේ නාට්‍ය හා රංග කලාව විෂය ඒකකය තුළ ඊට අදාළ සංගීත වැඩකටයුතු වලට මගේ සහයෝගය ලබා දීලා තිබෙනවා.ඉතිං එවැනි බාහිර දේවල් සිදුකළා කියලා මගේ අධ්‍යාපනයට කිසිදු හානියක්,කිසිදු බාධාවක් වෙලා නෑ.මොකද මම මේ දෙකම හරි විදිහට කළමනාකරණය කරගෙන යන නිසා.ඉතින් සරලව කිව්වොත් මේ දක්වා මගේ සංගීතය සහ අධ්‍යාපනය කියන දෙඅංශයම සාර්ථක මට්ටමේ පවතිනවා.
- ඔබගේ වැඩකටයුතු වලට පවුලෙන් ලැබෙන සහයෝගය කොහොමද?
ඇත්තටම මම අද තැනක ඉන්නවනම් ඒ මගේ පවුලෙන් ලැබුණු නොමඳ සහයෝගය නිසා කියලා කියන්න ඕනේ.ඒ කියන්නේ මගේ සියලුම වැඩ කටයුතු සංගීතය, අධ්‍යාපනය මේ හැමදේකදීම මගේ අම්මා, තාත්තා, මල්ලි මට ලොකු හයියක් වෙනවා.උසස් පෙළ කරන කාලෙදිත් මගේ තාත්තගෙන් ලොකු සහයෝගයක් ලැබුණා මට ඒ වැඩවලට.අම්මා ගැන කිව්වොත් මගේ හැමදේටම ලඟින් ඉන්නේ අම්මා.සංගීතය පැත්තෙන් ගත්තොත්,ඒ වැඩවලට රැයක් දවාලක් නැතුව එළියට යන්න වෙන අවස්ථා තියෙනවා.ඉතිං ඒ හැමදේකටම අම්මා තමයි එන්නේ මාත් එක්ක.ගොඩක් වෙලාවට ඒ කියන්නේ දැන් මම මගේ අධ්‍යාපන කටයුතු කරන්නේ වෙනම ක්ෂේත්‍රයක සංගීතය වෙනමම යන්නේ.ඉතින් ඒ වගේ අවස්ථාවලදී ඇත්තටම ස්ට්‍රෙස් වෙන වෙලාවල් ඕනිතරම් තියෙනවා.ඉතිං ඒ හැම වෙලාවකදීම මගේ මයින්ඩ් සෙට් එක හරි තැනට ගේන්න අම්මා ගොඩක් උදව් වෙනවා.සමහර වෙලාවට සංගීත වැඩ කටයුතු වලදී ගෙදරින් පිට ඉන්න වෙන අවස්ථාත් තියෙනවා.ඉතින් එවැනි අවස්ථාවලදිත් ඒ තත්ත්වය තේරුම් අරගෙන,මාව තේරුම් අරගෙන ඉන්න ෆැමිලි එකක් තමයි මට තියෙන්නේ.ඉතින් එවැනි පවුල් පසුබිමක් ලැබීම කලාකරුවෙකුට ඇත්තටම ගොඩක් වටින දෙයක්.ඒ කියන්නේ, ‘මේ දේ කරන්න එපා,මෙහෙම කරන්න’ වගේ කියලා කොයිවෙලාවකවත් මාව හිර කරලා එක තැනක තියන්නෙ නැහැ.මගේ වැඩවලදී මාව තේරුම් අරගෙන නිදහසේ ඒ සෑම වැඩකටයුත්තක්ම කරගෙන යන්න මගේ පවුලෙන් මට ඉඩ හදලා දීලා තියෙනවා.මෙහිදී මගේ මල්ලි ගැනත් කියන්න ඕනේ එයත් හැමදේකදීම මාත් එක්ක මගේ ලගින්ම ඉන්නවා.ඔහුගෙනුත් මට ලොකු සහයෝගයක් ලැබෙනවා.ඒ වගේම මගේ අම්මා තාත්තා හැරුණු කොට මගේ ආච්චි,සීයා සහ පුංචිගෙනුත් මගේ සංගීත කටයුතු වලට ලොකු සහයෝගයක් ලැබෙනවා කියලා කියන්න ඕනෙ.ඉතිං පවුලෙන් මේ ලැබෙන සහයෝගය ඇත්තටම වචන වලට පෙරළන්න බැරිතරම්.
- සංගීත දිවිය තුළ ඔබ ලබාගත් ජයග්‍රහණ පිළිබඳවත් මතක් කරමු.
මුලින්ම කියන්න ඕනේ මගේ ජීවිතයේ මම ලබපු ලොකුම ජයග්‍රහණය තමයි අපේ කැම්පස් එකේ තියෙනවා මංජුසාව කියලා කලා උළෙලක්. ඉතින් මේ කලා උළෙල කියන්නේ ලොකු ප්‍රේක්ෂක පිරිසක් එකතු වෙන තැනක්.ඉතිං මේ ඉවෙන්ට් එකේ ගායන තරඟ,නර්තන තරඟ ඇතුළුව තවත් තරඟ ගණනාවක් තියෙනවා.ඉතිං ගායන අංශයෙන් මංජුසාව කලා උළෙල තුළ මම තරඟ වදිනවා.ඉතිං මාත් ඇතුළුව ළමයි ගොඩක් මෙම තරඟය සදහා එකතු වුණා.එතනදි අවසාන තරඟකරුවන් පස් දෙනා අතරට මම තේරෙනවා.පසුව අවසන් තරඟයෙන් මම එම පස් දෙනා අතරින් ප්‍රථම ස්ථනයට තේරී පත් වෙනවා.ඉතිං ඒ ගැන මට නිහතමානි ආඩම්බරයක් තියෙනවා.මොකද එච්චර ලොකු ක්‍රවුඩ් එකක් ඉස්සරහ ගීත ගායනා කරලා ජයග්‍රහණය කරන්න ලැබීම සහ විශාල තරඟකරුවන් ප්‍රමාණයක් අතරින් ප්‍රථම ස්ථානයට තේරීපත් වීම ලෙහෙසි පහසු දෙයක් නොවෙන නිසා.ඒ වගේම එම කලා උළෙල තුළ බටහිර සංගීතයේ ගීත ගායනය තුළිනුත් ප්‍රථම ස්ථානය හිමිවෙන්නේ මට.ඉතින් එම තරඟ දෙකම ජයග්‍රහණය කිරීමට ලැබීම පිළිබඳව මට ලොකු සතුටක් තිබෙනවා.ඒ වගේම All Island Singing Competition කියලා තරගයක් පැවැත්වෙනවා ලංකාව තුළ.ඒ තරගය මෙහෙයවන්නේ විදේශ රටකින්.ඒ කියන්නේ විදේශ රටක සිටින සංගීතවේදීන් තමයි තරගය විනිශ්චය කරන්නේ.ඉතිං ඒ තරගය තුළත් මම ගායනා කරපු කාණ්ඩයෙන් 2017 වසරේදී All Island Champion වෙන්න මට හැකි වෙනවා.ඉතිං ඒ ජයග්‍රහණ දෙක තමයි මගේ සංගීත දිවිය තුළ මට අමතක නොවෙනම ජයග්‍රහණ දෙක.
- සංගීත ගමන තුළ ඔබට තිබෙන අනාගත අපේක්ෂාවන් මොනවාද?
සංගීතය කියන්නේ ගීත ගායනා කිරීමම පමණක් නොවේ.සංගීතය තුළ තව තව අලුත් අලුත් දේවල් ඉගෙනගන්න තියෙනවා. ඉතින් ඒ දේවලුත් ඉගෙන ගනිමින්, සංගීත ක්ෂේත්‍රයේ ඉන්න ප්‍රවීණයන් හඳුනා ගනිමින්, ඔවුන් සමග වැඩකටයුතු කිරීමට ලොකු අපේක්ෂාවක් තිබෙනවා.ඒ වගේම ලංකාව තුළ දක්ෂ ජනප්‍රිය ගායන ශිල්පිනියක් වීමට මගේ ලොකු බලාපොරොත්තුවක් තිබෙනවා.
- ඔබගේ සංගීත දිවිය තුළ ඔබට අමතක නොවෙනම සිදුවීම කුමක්ද?
සංගීත ක්ෂේත්‍රය තුළ අමතක නොවෙන සිදුවීම් එකක් කියලා කියන්න අමාරුයි ඇත්තටම.කිහිපයක්ම තිබෙනවා.ඒ අතරින් අමතක නොවෙනම සිදුවීම් දෙකක් තිබෙනවා.ඒ එකක් තමයි අර මං කලින් කියපු මංජුසාව කලා උළෙල තුළ මම ජයග්‍රහණය කරපු මොහොත.ඒක මට මගේ ජීවිතේ කෙදිනකවත් අමතක වෙන්නෙ නැති සිදුවීමක්. අනෙක් අතට මම කරපු මගේම සංගීත ප්‍රසංගයත් මගේ ජීවිතේ කෙදිනකවත් අමතක වෙන්නේ නැති ලොකු අවස්ථාවක්.මොකද මෙම ප්‍රසංගය කියන්නේ මගේ වගේම මගේ අම්මගේ ලොකුම හීනයක්.මගේ ටාගට් එකක් තිබ්බා කවදහරි විශ්වවිද්‍යාලය තුළ මේ වගේ මගේම කියලා සංගීත ප්‍රසංගයක් පවත්වන්න.ඒ වගේම මේ ප්‍රසංගය විශේෂයි. මොකද,සුමීර සුමංග වගේ ඔබ අපි කවුරුත් ආදරය කරන ප්‍රවීණ ගායකයෙක් සමඟ තමයි මම මේ ප්‍රසංගය තුළ ගායනා කළේ.ඉතින් ඒ ගැන ලොකු සතුටක් තිබෙනවා.ඉතින් මේ අවස්ථා දෙක තමයි මේ වන විට මගේ සංගීත ජීවිතය තුළ තිබෙන අමතක නොවෙනම ප්‍රබලම අවස්ථා දෙක.
- ශ්‍රී ලංකාව තුළ සිටින ඔබ කැමති ගායන ශිල්පියෙක් හෝ ශිල්පිණියක් සමග ගීත ගායනා කරන්න ඔබට අවස්ථාවක් ලැබුණොත් ඔබ කාවද ඒ සදහා තෝරාගන්නේ?
එතනදී ඇත්තටම කටහඬ සහ සංගීතයේ ප්‍රවීණත්වය පැත්තෙන් බැලුවොත් මම වැඩිපුරම කැමති ගායකයෙක් තමයි කසුන් කල්හාර කියන්නේ.මම ඒ වොයිස් එකට වගේම ඔහුගේ ගීතවලට ගොඩක් ආස කරන රසිකාවියක්.ඉතින් ඔහුත් සමඟ ගීත ගායනා කිරීමට අවස්ථාවක් ලැබුණොත් මම ඒ අවස්ථාව අනිවාර්යයෙන්ම භාරගන්නවා.ඊට අමතරව නවක පරපුර නියෝජනය කරන ගායකයෙක් විදිහට නදීමාල් පෙරේරා සමගත් ගීත ගායනා කිරීමට දැඩි කැමැත්තක් තිබෙනවා.මර්වින් පෙරේරා මහතා ගායනා කරපු 'සඳ අප ළඟට වෙලා' ගීතය, මේ නදීමාල් පෙරේරා විසින් ගායනා කරනවා එහි කවර් වර්ෂන් එක විදිහට.ඇත්තටම ඔහු එම ගීතය ගායනා කිරීමත් සමඟ තමයි ඔහුගේ වොයිස් එකට මම දැඩි කැමැත්තක් දක්වන්න පටන්ගන්නේ සහ ආකර්ෂණයක් ඇතිවෙන්නේ.ඉතිං ඔහු සමගත් ගී ගායනයට මම විශාල කැමැත්තක් දක්වනවා.නම් වශයෙන්ම මෙහිදී මගේ අදහස් විමසූ නිසා තමයි මම මේ දෙදෙනාව සඳහන් කිරීමක් කළේ.නැතිනම් මේ හැරුණු විට රවීන් තාරුක, ගජිඳු ෆොන්සේකා ඇතුළුව තවත් කිහිපදෙනෙක්ම ඉන්නවා මම එකට ගීත ගායනා කරන්න කැමති.ඉතින් ඒ අය සමඟ මගේම යුග ගීතයක් ඩුවට් එකක් ආකාරයට ගායනා කිරීමට මගේ අපේක්ෂාවක් තිබෙනවා.
- අවසාන වශයෙන්,මේ දක්වා ඔබේ සංගීත ගමනට සහයෝගය ලබාදුන් සියලු දෙනාට ස්තූතිවන්ත වීමට මෙය අවස්ථාවක් කරගමු.
මුලින්ම මම ස්තූතිවන්ත වෙනවා මේ මොහොතේ මගේ අම්මා,තාත්තා සහ මල්ලිට මගේ සෑම කටයුත්තකදීම මගේ ළඟින් ඉන්නවට.විශේෂයෙන් මගේ අම්මාව මේ මොහොතේ මම මතක් කරන්න ඕනේ.ඇය තමයි මගේ පිටුපසින් හැමතැනකදීම සෙවණැල්ලක් වගේ මගේ ළගින්ම ඉන්නේ.මීට අමතරව මගේ සීයා,ආච්චි සහ පුංචිටත් මම ස්තූතිවන්ත වෙනවා මට ලබාදෙන සහයෝගයට.ඒ වගේම මගේ මුල්ම සංගීත ගුරුවරිය වන චන්ද්‍රිකා සිරිවර්ධන ගුරුතුමියටත්,මගේ පාසලේ සංගීත ගුරුතුමියටත්,මගේ වත්මන් සංගීත ආචාර්ය සමන්ත අමරජීව ගුරුතුමාටත් විශේෂයෙන්ම මේ මොහොතේ ස්තූතිවන්ත වෙනවා.ඒ වගේම ගුවන්විදුලි සංස්ථාවේ වැඩසටහන් වලට මාව සම්බන්ධ කරගන්න ඩිල්කා මහත්මියටත්,අප්සරා මහත්මියටත් මම බෙහෙවින්ම ස්තූතිවන්ත වෙනවා.මීට අමතරව දිනේෂ් අන්කල්ව මේ මොහොතේ මතක් කර සිටිනවා.දිනේෂ් අංකල් කියන්නේ මගේ සංගීත වැඩකටයුතු ගැන නිරන්තරයෙන් හොයලාබලන,ඒ ගැන උනන්දුවක් දක්වන කෙනෙක්.ඉතිං ඔහුටත් බෙහෙවින්ම ස්තූතිවන්ත වෙනවා මේ වෙලාවේ.ඉතිං මේ දක්වා මගේ සංගීත ගමනට වචනෙකින් හරි සවියක් වුණ,සහයෝගය දුන්න නම් කිව්ව,නොකිව්ව, අතපසූ වූ සියලුම දෙනාට මම හදවතින්ම ස්තූතිවන්ත වෙනවා.ඒ වගේම අද මාව මේ කතාබහට සම්බන්ධ කරගත් සන්නස කාර්යමණ්ඩලයටද මම බෙහෙවින්ම ස්තූතිවන්ත වෙනවා.
හොදයි, ඉතිං අද දවසේ දී අපසමග කතා බහට එක් වූයේ සුමියුරු වූ හඩින් ඔබ අප දෙසවන් පිනවන ගීත කෝකිලාවිය මනේන්ද්‍රි අබේකෝන්. ඉතිං මනේන්ද්‍රි ඔබගේ ඉදිරි සියලුම අධ්‍යාපන වැඩකටයුතු,සංගීත වැඩකටයුතු වලට සන්නස අපි ඔබට සුබපැතුම් එක්කරන ගමන් අපගේ කතා බහ මෙතනින් නිමකරනවා.ඉතිං ඔබට බෙහෙවින්ම ස්තූතිවන්ත වෙනවා අප සමග අද දිනයේදී සම්බන්ධ වූවාට.
ස්තූතී.
උපේක්ෂා තඹවිට.