
2026 අයවැයෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රයට වෙන් කෙරෙන ප්‍රතිපාදන ප්‍රමාණය වැඩි කෙරෙන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.
දැනට පවතින ගැටළු නිරාකරණය කරමින් ඉදිරියේදී මානව හා භෞතික සම්පත්ද වර්ධනය කරමින් අපහසුතාවයකින් තොරව වෛද්‍ය සේවා සැපයීම සඳහා අවශ්‍ය සැලසුම් සකස් කිරීමට පියවර ගන්නා බවයි අමාත්‍යවරයා කියා සිටියේ.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ නැගෙනහිර පළාතේ මඩකලපුව දිස්ත්‍රික්කයේ රෝහල් සහ සෞඛ්‍ය ආයතනවලින් ජනතාවට ලබාදෙන සෞඛ්‍ය සේවාවල වත්මන් තත්ත්වය පිළිබඳ නිරීක්ෂණය කිරීමට එහි ගිය අවස්ථාවේදීයි.
නිරීක්ෂණ චාරිකාවෙන් අනතුරුව අමාත්‍යවරයා මඩකලපුව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේදී දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සියලුම ආයතන ප්‍රධානීන් සමග දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක සෞඛ්‍ය සේවාවන් පිළිබඳ සාකච්ඡාවක ද නිරත වුණා.