/
/
title icon
ගෙවුණු සති දෙකේ හොරෙන් මාළු ඇල්ලූ ඉන්දියාවේ 65ක් නාවික හමුදා භාරයට
ගෙවුණු සති දෙකේ හොරෙන් මාළු ඇල්ලූ ඉන්දියාවේ 65ක් නාවික හමුදා භාරයට
Editor
9 hours ago
Share:
ගෙවුණු සති දෙකේ හොරෙන් මාළු ඇල්ලූ ඉන්දියාවේ 65ක් නාවික හමුදා භාරයට

ගතවූ සති දෙකක කාලය තුළ නීතිවිරෝධීව ධීවර කටයුතුවල නිරතවූ පුද්ගලයින් 65 දෙනෙකු නාවිකා හමුදා භාරයට ගෙන තිබෙනවා‍. 

ත්‍රිකුණාමලය, නිලාවේලී, පුත්තලම සහ මන්නාරම ඇතුළු ප්‍රදේශ කිහිපයක් ආශ්‍රිත වෙරළ සහ මුහුදු ප්‍රදේශ ආවරණය වන පරිදි නාවික හමුදාව සිදුකළ මෙහෙයුම්වලදී මොවුන් සිය භාරයට ගෙන ඇති බව සඳහන්. 

තහනම් ධිවර දැල් හා විදුලි ආලෝක ධාරා භාවිතය, වලංගු බලපත්‍ර නොමැතිව මුහුදු කූඩැල්ලන් සහ හක් බෙල්ලන් ප්‍රවාහනය යන නීතිවිරෝධි කටයුතුවලට අදාළව මෙම සැකකරුවන් 65 දෙනා නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා. 

එහිදී ඔවුන්ට අයත් ඩිංගි යාත්‍රා 16 සමග තහනම් ධීවර දැල් 05ක්ද සිය භාරයට ගත් බවයි නාවික හමුදාව ප්‍රකාශ කළේ. 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required