/
/
title icon
පොලිස්පති දේශබන්දු ධුරයෙන් නෙරපන යෝජනාවට සජබත් කැමැත්තෙන්
පොලිස්පති දේශබන්දු ධුරයෙන් නෙරපන යෝජනාවට සජබත් කැමැත්තෙන්
Editor
10 hours ago
Share:
පොලිස්පති දේශබන්දු ධුරයෙන් නෙරපන යෝජනාවට සජබත් කැමැත්තෙන්

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති තනතුරින් නෙරපීමේ යෝජනාව පිළිබඳ ඡන්ද විමසීමේදී යෝජනාවට පක්ෂව ඡන්දය පාවිච්චි කිරීමට සමගි ජන බලවේගය තීරණය කර ඇතැයි වාර්තා වනවා. 

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධූරයට පත්කිරීමට හිටපු ජනාධිපතිවරයා විසින් නිර්දේශ කෙරුණු අවස්ථාවේදීද එම නිර්දේශයට එරෙහිව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේදී දැඩිව හඬ නැගුවේද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ මන්ත්‍රීවරු බව ඔවුන් පෙන්වා දෙනවා. 

ඒ හේතුවෙන් දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම සඳහා වන යෝජනාවට පක්ෂව ඡන්දය භාවිත කිරීමට අදහස් කරන බවයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුම සඳහන් කළේ. 

දේශබන්දු  තෙන්නකෝන් මහතා පොලිස්පති තනතුරින් නෙරපීමේ යෝජනාව  පිළිබඳ විවාදය ලබන මස 5 වැනිදා පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව පසුගියදා තීරණය කළා. 

යෝජනාව පිළිබඳ විවාදයෙන් පසු ඊට අදාළ ඡන්ද  විමසීම පැවැත්වීමට නියමිතයි. 

යෝජනාව සම්මත වීමට නොපැමිණි මන්ත්‍රීවරුන්ද ඇතුළුව සියලු මන්ත්‍රීවරුන්ගෙන් අඩකට වැඩි ප්‍රමාණයක් එනම්, මන්ත්‍රීවරුන් 113 දෙනෙකුගේ ඡන්දය අවශ්‍ය වනවා. 

යෝජනාව සම්මත වුවහොත් ජනාධිපතිවරයා විසින් තෙන්නකෝන් මහතාව පොලිස්පති ධූරයෙන් නෙරපා හරිනු ඇති. 

මේ අතර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එම යෝජනාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරනු ඇතැයි වාර්තා වනවා. 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required