/
/
title icon
වසරේ ගෙවුණු කාලයේ සංචාරකයින් ලක්ෂ 13ක් දිවයිනට
වසරේ ගෙවුණු කාලයේ සංචාරකයින් ලක්ෂ 13ක් දිවයිනට
Editor
1 hour ago
Share:
වසරේ ගෙවුණු කාලයේ සංචාරකයින් ලක්ෂ 13ක් දිවයිනට

2025 වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ 13 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා.

සංචාරක සංවර්ධන අධිකාරියේ නවතම සංඛ්‍යා ලේඛනවලට අනුව මේ දක්වා දහතුන් ලක්ෂ 13,232ක විදෙස් සංචාරකයින් සංඛ්‍යාවක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව සඳහන්.

ඒ අතරින් පුද්ගලයින් 269,780ක් ඉන්දියාවෙන්, 124,652ක් එක්සත් රාජධානියෙන් සහ 114,644ක් රුසියාවෙන් පැමිණි බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළා.

මේ අතර, ජූලි මාසයේ මේ දක්වා සංචාරකයින් 145,188ක් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required