/
/
title icon
බොරැල්ලේ මාරක අනතුරක් - අයෙක් මරුට, 07ක් රොහලේ - දොඹකර රියදුරා ගංජා පානය කරලා
බොරැල්ලේ මාරක අනතුරක් - අයෙක් මරුට, 07ක් රොහලේ - දොඹකර රියදුරා ගංජා පානය කරලා
Editor
9 hours ago
Share:
බොරැල්ලේ මාරක අනතුරක් - අයෙක් මරුට, 07ක් රොහලේ - දොඹකර රියදුරා ගංජා පානය කරලා

අද උදෑසන රාජගිරිය දෙස සිට බෞද්ධාලෝක මාවත දෙසට ධාවනය වෙමින් තිබූ දොඹකරයක්, කනත්ත වටරවුමේ මාර්ග සංඥා අසල නවතා තිබූ යතුරු පැදි 6ක සහ මෝටර් රථ 3ක් ගැටී අනතුරක් සිදුව තිබුණා.

එම අනතුරින් තුවාල ලැබු පුද්ගලයින් 7 දෙනෙකු මේ වනවිට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර, පොලීසිය පැවසුවේ, අනතුරින් තුවාල ලැබූ එක් අයෙක් රෝහල් ගත කිරීමේදී මියගොස් සිටි බවයි.

අනතුරින් මියගොස් ඇත්තේ අවුරුදු 62ක් වූ අතුරුගිරිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. 

මේ අතර, අනතුර සිදුකළ දොඹකරයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, අනතුර සම්බන්ධයෙන් බොරැල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.

සිදුකළ විමර්ශනයේදී තහවුරු වී ඇත්තේ අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් දොඹකරයේ රියදුරු ගංජා මත්ද්‍රව්‍ය පානය කර සිට ඇති බවයි.

අදාළ පුද්ගලයා සම්බන්ධයෙන් සිදුකළ වෛද්‍ය පරීක්ෂණයේදී මේ බව අනාවරණය වී තිබෙනවා.

ඊට අමතරව අනතුර සම්බන්ධයෙන් දොඹකරයේ හිමිකරුද පොලිසිය අත්අඩංගුවට ගනු ලැබුවා. 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required