/
/
title icon
මාලදිවයින් ව්‍යාපාරිකයින්ට ශ්‍රී ලංකාවේ ආයෝජනය කරන්නැයි ආරාධනා
මාලදිවයින් ව්‍යාපාරිකයින්ට ශ්‍රී ලංකාවේ ආයෝජනය කරන්නැයි ආරාධනා
Editor
21 hours ago
Share:
මාලදිවයින් ව්‍යාපාරිකයින්ට ශ්‍රී ලංකාවේ ආයෝජනය කරන්නැයි ආරාධනා

මාලදිවයින් ආයෝජකයින් සඳහා සැමවිටම තම ආයෝජන සඳහා විශ්වාසදායක ස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව දෙස බැලිය හැකි බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

මාලදිවයිනේ තෙදින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, එරට ජනාධිපතිවරයා හමුවී ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමෙන් අනතුරුව මේ බව කියා සිටියා. 

එහිදී අදහස් දක්වමින් ජනාධිපතිවරයා පැවසුවේ ආයෝජකයින්ට සහාය වීම සඳහා ශ්‍රී ලංකාව දැනට සකස් කරමින් පවතින එකම වහළක් යටින් සියල්ල ඉටු කර ගැනීමේ යාන්ත්‍රනය සහ ආයෝජකයින් තවදුරටත් දිරිගැන්වීම සඳහා ක්‍රියාත්මක වන මූල්‍ය හා මූල්‍ය නොවන දිරිගැන්වීම් යෝජනා ක්‍රම පිළිබඳව තමා මාලදිවයින් ජනාධිපතිවරයා දැනුවත් කළ බවයි.

තවද මාලදිවයිනේ ව්‍යාපාරිකයින් සඳහා ශ්‍රී ලංකාවේ විවිධ අංශවල ආයෝජනය කරන ලෙස තමන් ආරාධනා කරන බවද මෙහිදී ජනාධිපතිවරයා පැවසුවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required