/
/
title icon
නාමල් අත්අඩංගුවට ගන්නැයි අධිකරණයෙන් වරෙන්තුවක්
නාමල් අත්අඩංගුවට ගන්නැයි අධිකරණයෙන් වරෙන්තුවක්
Editor
7 hours ago
Share:
නාමල් අත්අඩංගුවට ගන්නැයි අධිකරණයෙන් වරෙන්තුවක්

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීමට හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණය වරෙන්තුවක් නිකුත් කර තිබෙනවා.

ඒ, එම අධිකරණය හමුවේ විභාග වන නඩුවක් සඳහා අද දිනයේ පෙනී නොසිටීම හේතුවෙන්. 

2017 වසරේ දී හම්බන්තොට වරාය විදෙස් රටවලට පැවරීමට එරෙහිව පැවති විරෝධතාවකදී අධිකරණ නියෝග නොතකමින් කටයුතු කිරීම සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ඇතුළු පිරිසකට එරෙහිව අදාළ නඩුව ගොනු කර තිබෙනවා.

එම නඩුව අද කැදවු අවස්ථාවේ මන්ත්‍රීවරයා අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් මෙලෙස ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණය පොලිසියට නියෝග කර ඇති බව පොලීසිය සඳහන් කළා.

කෙසේ වෙතත්, නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා මේ වනවිට විදෙස්ගතව සිටින බවයි වාර්තා වන්නේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required