/
/
title icon
සෙන්කඩගල ඇසළ පෙරහර මංගල්‍යය ඇරඹෙයි
සෙන්කඩගල ඇසළ පෙරහර මංගල්‍යය ඇරඹෙයි
Editor
1 day ago
Share:
සෙන්කඩගල ඇසළ පෙරහර මංගල්‍යය ඇරඹෙයි

ඵෙතිහාසික කන්ද උඩරට ඇසළ පෙරහර මංගල්‍යයේ පළමු කුඹල් පෙරහර සුබ මොහොතින් ඊයේ ආරම්භ වුණා. 

ඒ අනුව උතුරු දිසාභිමුඛව පෙරහර වීථි සංචාරය ඇරඹුණේ අද පස්වරු 7.05ට යෙදුණු සුබ මොහොතින්.

පළමු කුඹල් පෙරහරේ පෙරහර කරඬුව වැඩමකරවීම ශ්‍රී දළදා මාළිගාවේ ඇත්පන්තියේ ඉන්දිරාජා හස්තියා සිදුකළ අතර දෑල ඇතුන් ලෙස බුරුම රාජා සහ කෝට්ටේ රාජා හස්තීන් ගමන් කළා.

පළමු දිනයේ පෙරහර නැරඹීමට දේශීය සැදැහැවතුන් මෙන්ම විදෙස් සංචාරකයින් ඇතුළු බොහෝ පිරිසක් එක්ව සිටියා.

ඇසළ පෙරහර මංගල්‍යයේ කුඹල් පෙරහර 5ක් අගෝස්තු 03 වැනිදා දක්වා වීථී සංචාරය කෙරෙන අතර පළමු රන්දෝලි පෙරහර ලබන 04 වනදා වීථී සංචාරය කිරීමට නියමිතව තිබෙනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required