/
/
title icon
ගෙවුණු මාස හතට අයිස් මත්ද්‍රව්‍ය වැරදිවලට 45,000ක් අත්අඩංගුවට
ගෙවුණු මාස හතට අයිස් මත්ද්‍රව්‍ය වැරදිවලට 45,000ක් අත්අඩංගුවට
Editor
4 hours ago
Share:
ගෙවුණු මාස හතට අයිස් මත්ද්‍රව්‍ය වැරදිවලට 45,000ක් අත්අඩංගුවට

2025 ජනවාරි මස 1 දින සිට අගෝස්තු මස 1 දින දක්වා වන මාස 7ක කාලයේදී පමණක් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 1398ක් පොලිස් භාරයට ගෙන ඇති අතර, එම කාලයේදී පුද්ගලයන් 45,111ක් අයිස් මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදි සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇතැයි මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය පවසනවා. 

රටේ ව්‍යාප්තව ඇති විෂ මත්ද්‍රව්‍ය මර්දනය කිරීම සදහා මෙහෙයුම් මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ සෘජු අධීක්ෂණයත් වැඩබලන පොලිස්පති ප‍්‍රියන්ත වීරසූරිය මහතාගේ මෙහෙයවීමත් මත ශ‍්‍රී ලංකා පොලීසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය හා ත‍්‍රිිවිධ හමුදාවත් එක්ව දෛනිකව සිදු කෙරෙමින් පවතින බවද අමාත්‍යාංශය පෙන්වා දෙනවා. 

ඊයේ දිනය පුරා පොලීසියත්, පොලිස් විශේෂ කාර්ය බලකායත්, ත‍්‍රිවිධ හමුදාවත් එක්ව සිදුකළ විශේෂ වැටලීම්වලින් හෙරොයින් සම්බන්ධව 161 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඒ අනුව ඊයේ පමණක් අයිස් මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදි සම්බන්ධයෙන්ද පුද්ගලයන් 161 දෙනෙකුද අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

ඒ අනුව අනෙකුත් මත්ද්‍රව්‍යද ඇතුළත්ව මත්ද්‍රව්‍ය වැරදි සම්බන්දයෙන් පමණක් පුද්ගලයන් 488 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්. 

එමෙන්ම, 2025 ජනවාරි මස 01 වන දින සිට 2025 අගෝස්තු මස 01 දින දක්වා වන මාස 07ක කාලය තුළදී පමණක් හෙරොයින් කිලෝ 930ක ප‍්‍රමාණයක්ද ඒ අනුව හෙරොයින් සම්බන්ධ වැරදි සම්බන්ධයෙන් පුද්ගලයන් 37,251 දෙනෙකු වසරේ ගෙවුණු මාස 07 කාලය තුළදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required