
දශක 3කට අධික රංගන දිවියේ පළමුවරට ඉන්දීය ජාතික චිත්‍රපට සම්මාන උළෙලක හොඳම නළුවාට හිමි සම්මානය සුපිරි බොලිවුඩ් නළු ශාරුක් ඛාන්ට හිමිව තිබෙනවා.
ඉන්දීය ජාතික චිත්‍රපට සංවර්ධන සංස්ථාව විසින් ඊයේ ප්‍රකාශයට පත්කළ '71 වන ජාතික චිත්‍රපට සම්මාන උළෙලේ' ජයග්‍රාහී සම්මාන ලැයිස්තුවේ මේ බව සඳහන්.
2023 වසරේ තිරගත වූ චිත්‍රපට වෙනුවෙන් මෙම සම්මාන උළෙල පැවැත්වෙන අතර, ඒ අනුව එම වසරේ තිරගත වූ 'ජවාන්' චිත්‍රපටයේ ශාරුක් දැක් වූ විශිෂ්ට රංගනය වෙනුවෙන් මෙම සම්මානයට ඔහු නම්කර තිබෙනවා.
ජවාන් චිත්‍රපටයට ඉන්දීය රුපියල් කෝටි 1,148කට අධික ආදායමක් උපයාගැනීමට හැකි වූ අතර, එය එම වසරේ වැඩිම ආදායමක් උපයාගත් ඉන්දියානු චිත්‍රපටයද වනවා.
මේ අතර මෙම සම්මාන උළෙලේ හොඳම නිළියට හිමි සම්මානයට රාණි මුඛර්ජි නම්කර තිබෙනවා.
ඇය රංගනයෙන් දායක වූ 'Mrs. Chatterjee vs Norway' නම් චිත්‍රපයට වෙනුවෙන් මෙම සම්මානය හිමිව තිබීම විශේෂත්වයක්.
මෙය රාණි මුඛර්ජිගේ ද දශක තුනක සිනමා දිවියේ ලබාගන්නා පළමු ඉන්දීය ජාතික චිත්‍රපට සම්මානයයි.