
ජූලි මාසය තුළ දී මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ 2 ඉක්මවා ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.
එහි දත්තවලට අනුව ජූලි මාසයේදී සංචාරකයින් 200,244 ක් දිවයිනට පැමිණ තිබෙනවා.
මෙය පසුගිය වසරේ ජූලි මාසයේදී පැමිණි සංචාරකයින් සංඛ්‍යාවට සාපේක්ෂව 6.6%ක වැඩිවීමක්.
ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසන්නේ, ජූලි මාසයේදී ඉන්දියාවෙන් සංචාරකයින් 37,128ක් පැමිණ ඇති බවයි.
තවද, එක්සත් රාජධානියෙන් 23,475ක්, නෙදර්ලන්තයෙන් 15,556 ක්, චීනයෙන් 12,982ක් සහ ප්‍රංශ ජාතිකයින් 11,059ක්ද ජූලි මාසයේදී දිවයිනට පැමිණ තිබෙනවා.
ඒ අනුව, 2025 වසරේ ජනවාරි 01 වනදා සිට ජුලි 31 දක්වා දිවයිනට පැමිණි සමස්ත සංචාරකයින් සංඛ්‍යාව 1,368,288ක් වනවා.