/
/
title icon
බෞද්ධ කටයුතු කොමසාරිස් ධුරයෙන් ඉවත් කෙරේ
බෞද්ධ කටයුතු කොමසාරිස් ධුරයෙන් ඉවත් කෙරේ
Editor
3 hours ago
Share:
බෞද්ධ කටයුතු කොමසාරිස් ධුරයෙන් ඉවත් කෙරේ

වැඩබලන බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා ලෙස එම දෙපාර්තමේන්තුවේ අතිරේක කොමසාරිස්වරයා ලෙස කටයුතු කළ කසුන් වැල්ලහේවා මහතා පත්කර තිබෙනවා.

බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්‍යංශය සඳහන් කළේ බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ප්‍රේමසිරි රත්නායක මහතා ඉවත් කිරීමෙන් පුරප්පාඩු වූ ධුරය සඳහා මෙම පත් කිරීම සිදුකර ඇති බවයි.

රාජකාරී නිසි පරිදි ඉටු නොකිරීමේ චෝදනාව මත ප්‍රේමසිරි රත්නායක මහතා ධුරයෙන් ඉවත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබුණා.

බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ කටයුතු නිසි පරිදි සිදු නොකිරීම සම්බන්ධයෙන් බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්‍යංශය විසින් බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ප්‍රේමසිරි රත්නායක මහතාට එරෙහිව චෝදනා එල්ල කළා.

අදාළ චෝදනා පත්‍රය පසුගිය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති අතර, එහිදී ඔහු ධුරයෙන් ඉවත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇති බවයි බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්‍යංශය සඳහන් කළේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required