
පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා විසින් අද අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලැබුවා.
ඒ, 2024 වසරේ පොලිස් පරීක්ෂකවරු බඳවා ගැනීමේදී සිදුව ඇතැයි කියන අක්‍රමිකතාවක් පිළිබඳවයී.
එහිදී අදහස් දක්වමින් චාමර සම්පත් මහතා පැවසුවේ පසුගිය 2024 වසරේදී පොලිස් සේවය සඳහා බඳවා ගැනීම වෙනුවෙන් ගැසට් නිවේදනයක් නිකුත් කළ බවයි.
ඒ අනුව සිදුකළ යෝග්‍යතා පරීක්ෂණවලින් පසුව ඒ සඳහා සුදුසුකම් ලැබූ 100 දෙනෙක් සඳහා පත්වීම් ලබා දීමට පසුගිය වසරේ නොවැම්බර් මස සැලසුම් කර තිබූ බව මන්ත්‍රීවරයා පැවසුවා.
නමුත් එම සැලසුම් කර තිබූ පත්වීම් අදාළ සුදුසුකම් ලැබූ පුද්ගලයින් 100 දෙනා වෙත ලබානොදී මේ වනවිට නැවත ගැසට් කරමින් බඳවා ගැනීමට ආණ්ඩුව සූදානම් වන බවටයි ඔහු මෙහිදී චෝදනා කළේ.
ඒ අනුව මේ තුළින් දූෂණයක් සිදුව ඇතැයිද ඒ සම්බන්ධව පොලිසිය භාර අමාත්‍යවරයාට සහ පොලිස් දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට එරෙහිව තමන් පැමිණිල්ලක් ඉදිරිපත් කරන බවද මන්ත්‍රීවරයා පැවසුවා.