/
/
title icon
ට්‍රම්ප්ගෙන් ඉන්දියාවට තර්ජනයක්
ට්‍රම්ප්ගෙන් ඉන්දියාවට තර්ජනයක්
Editor
1 hour ago
Share:
ට්‍රම්ප්ගෙන් ඉන්දියාවට තර්ජනයක්

රුසියානු තෙල් මිලදී ගැනීම සම්බන්ධව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නැවතත් ඉන්දියාවට තර්ජනයක් කර තිබෙනවා.

සිය Truth Social සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් අමෙරිකානු ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ ඉන්දියාව රුසියානු තෙල් විශාල වශයෙන් මිලදී ගැනීම් සිදුකිරීමෙන් පමණක් නොනැවතී විවෘත වෙළෙඳපොළේ විශාල ලාභ සඳහාද එය විකුණන බවයි.

එමෙන්ම, රුසියානු යුද තන්ත්‍රය මගින් යුක්‍රේනයේ කොපමණ පිරිසක් මිය යන්නේද යන්න ඔවුන්ට ප්‍රශ්නයක් නොවන බවත් මේ හේතුවෙන් ඉන්දියාව විසින් අමෙරිකා එක්සත් ජනපදයට ගෙවන තීරු බදු සැලකිය යුතු ලෙස වැඩි කිරීමට කටයුතු කරන බවත් ට්‍රම්ප් සිය සටහනේ සඳහන් කර තිබෙනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required