/
/
title icon
විජේරාමෙට වඩා මැදමුලන හොඳයි - මහින්ද කියයි
විජේරාමෙට වඩා මැදමුලන හොඳයි - මහින්ද කියයි
Editor
9 hours ago
Share:
විජේරාමෙට වඩා මැදමුලන හොඳයි - මහින්ද කියයි

වත්මන් ආණ්ඩුව හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද ඉවත්කරන්නේ පළිගැනීමේ චේතනාවෙන් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

කොළඹ අද පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් හිටපු ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා, සඳහන් කළේ ජනතාව දුන්න වරප්‍රසාදය වැදගත් බවයි. 

එය පවතින තාක්කල් ⁣කුමන වරප්‍රසාදයක් හෝ ඉවත් කළාට ගැටලුවක් නොමැති බවද ඔහු කියා සිටියා. 

පවතින තත්ත්වය හමුවේ විජේරාමේ නිල නිවස අත්හැර මැදමුලනට යෑමට සිදුවේ දැයි කළ විමසීමට ප්‍රතිචාර දක්වමින් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේ "විජේරාමෙට වඩා ඉතාම හොඳයිනේ මැදමුලන" යනුවෙන්.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required