
කළුතර ප්‍රදේශ රැසකට අද පැය 12ක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් එම මණ්ඩලය පැවසුවේ අද පෙරවරු 10.00 සිට රාත්‍රී 10.00 දක්වා වූ කාලය තුළ මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි.
කළුතර ජල සම්පාදන ක්‍රමයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල කප්පාදුව සිදු කිරීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළා.
ඒ අනුව කළුතර දකුණ, කළුතර උතුර, නාගොඩ, වස්කඩුව, පොතුපිටිය, වාද්දූව යන ප්‍රදේශයේ සඳහා ජල සැපයුම අත්හිටුවනු ඇති.