
පාර්ලිමේන්තු මන්ත්‍රී අරවින්ද සෙනරත් මහතා රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් COPA කමිට සභාපති ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.
අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශක් සිදුකරමින් මන්ත්‍රීවරයා මේ බව සභාවට දැනුම් දුන්නා.
ආණ්ඩුව විසින් කෝපා කමිටුවේ සභාපති ධුරය විපක්ෂයට ලබාදීම එකඟතාවය පළ කර ඇති බැවින්, ඒ සඳහා ඉඩ සලසාදීමට තමා මෙම තීරණය ගත් බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී අරවින්ද සෙනරත් මහතා කියා සිටියේ.