
බොරැල්ල - සහස්පුර - සිරිසර උයන මහල් නිවාස සංකීර්ණය ආසන්නයේ අද රාත්‍රි 8.40ට පමණ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.
එහිදී වෙඩි ප්‍රහාරයට ලක්ව තුවාල ලැබූ පුද්ගලයින් 05 දෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.
ස්කූටර් වර්ගයේ යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් ටී-56 ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදු කර පළාගොස් ඇති බව පොලීසිය සඳහන් කළා.