/
/
title icon
2025 ශිෂ්‍යත්ව විභාගය අදයි
2025 ශිෂ්‍යත්ව විභාගය අදයි
Editor
2 hours ago
Share:
2025 ශිෂ්‍යත්ව විභාගය අදයි

2025 පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය අද පෙරවරුවේ ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව අද පෙරවරු 9.30ට දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,787කදී ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීමට නියමිතයි.

ඒ වෙනුවෙන් විභාග මධ්‍යස්ථාන සූදානම් කිරීම සහ දූමායනය කිරීම ඊයේ සිදු කෙරුණා.

මෙවර ශිෂ්‍යත්ව විභාගය සඳහා අයදුම්කරුවන් 307,951 පෙනී සිටීමට නියමිතයි.

ශිෂ්‍යත්ව විභාගයේ දෙවන ප්‍රශ්න පත්‍රය පළමුව ලබා දීමට නියමිත අතර එය 10.45 වන විට අවසන් වීමට නියමිතව තිබෙනවා.

ඉන් අනතුරුව පැය භාගයක විවේක කාලයක් හිමිවන අතර ඉන් අනතුරුව පළමු ප්‍රශ්න පත්‍රය 11.15ට ආරම්භ වනවා.

එම ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සැපයීමට පැයක කාලයක් ලබා දෙන අතර ඒ අනුව 12:15ට එම ප්‍රශ්න පත්‍රය අවසන් වීමට නියමිතයි.

ඒ අනුව පෙරවරු 09.30ට ආරම්භ වන විභාගය දහවල් 12.15ට අවසන් වනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required