
වසරේ මේ දක්වා කාලය තුළ විවිධ මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධව අත්අඩංගුවට ගත් පිරිස 120,000 ඉක්මවා තිබෙනවා.
නිවේදනයක් නිකුත් කරමින් මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසන්නේ මෙම වසරේ ජනවාරි 01 වැනිදා සිට අගෝස්තු 11 වැනිදා එනම් අද දිනය දක්වා වූ කාලය තුළ සිදුකරන ලද විශේෂ මෙහෙයුම් තුළින් මෙම පුද්ගලයින් අත්අඩංගුවට ගෙන ඇති බවයි.
ඒ අනුව හොරොයින් සම්බන්ධයෙන් පුද්ගලයින් 39,627ක්, අයිස් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් පුද්ගලයින් 47,615ක් සහ ගංජා මත්ද්‍රව්‍ය සම්බන්ධව පුද්ගලයින් 42,620ක් දෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එමෙන්ම එම මෙහෙයුම් මගින් සමස්තයක් ලෙස මේ දක්වා හොරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 934.55ක්, අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 1402.976ක ප්‍රමාණයක්ද සහ ගංජා මත්ද්‍රව්‍ය කිලෝ 11620.068ක ප්‍රමාණයක්ද පොලිස් භාරයට ගෙන ඇති බව සඳහන්.