/
/
title icon
දරුවන් අතර මී උණ ව්‍යාප්තවීමේ අවදානමක්
දරුවන් අතර මී උණ ව්‍යාප්තවීමේ අවදානමක්
Editor
2 hours ago
Share:
දරුවන් අතර මී උණ ව්‍යාප්තවීමේ අවදානමක්

මාරාන්තික මී උණ රෝගයේ ව්‍යාප්තියේ වැඩිවීමක් යළික් වරක් දක්නට ලැබෙන බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසනවා. 

ඔහු පෙන්වා දුන්නේ මඩේ බැසීම හේතුවෙන් මී උණ රෝගය බොහෝ විට වැළඳෙන බවයි. 

විශේෂයෙන් මෙම කාලසීමාව පාසල් නිවාඩු කාලය බවත්, ළමයින් වැඩි වශයෙන් සරුංගල් යැවීමට වෙල්යායන් කරා යෑම මෙලෙස මී උණ වැඩිවීමට ප්‍රධාන වශයෙන් බලපා ඇති බවත් ඔහු සඳහන් කළා. 

වෛද්‍ය දීපල් පෙරේරා මහතා තවදුරත් පවසා සිටියේ, උණ රෝගය දින පහක් හයක් පමණ පවතී නම් එය මී උණ රෝගය විය හැකි බවයි.

ඇස් රතු පාට හෝ කහ පාට වීම, බඩ රිදීම, මුත්‍රා තද කහ පාටට පිටවීම මෙහි රෝග ලක්ෂණ ලෙස ඔහු සඳහන් කළා. 

මී උණ රෝගී තත්ත්වයට ප්‍රතිකාර තිබුණද, ප්‍රවේශම් විය යුතු බව ඔහු පැවසුවා. 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required