/
/
title icon
දුම්රිය සාමාන්‍යාධිකාරි ධුරයේ වෙනසක් - ධම්මික යවා රවීන්ද්‍ර ගෙනෙයි
දුම්රිය සාමාන්‍යාධිකාරි ධුරයේ වෙනසක් - ධම්මික යවා රවීන්ද්‍ර ගෙනෙයි
Editor
8 hours ago
Share:
දුම්රිය සාමාන්‍යාධිකාරි ධුරයේ වෙනසක් - ධම්මික යවා රවීන්ද්‍ර ගෙනෙයි

දුම්රිය සාමාන්‍යාධිකාරී ධුරයේ කටයුතු කළ ධම්මික ජයසුන්දර මහතා එම තනතුරින් ඉවත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අනුව ඔහුව එම තනතුරින් ඉවත් කිරීම සඳහා ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා විසින් කැබිනට් මණ්ඩලයට පසුගියදා විශේෂ යෝජනාවක්ද ඉදිරිපත් කර තිබුණා.

ඊට අනුමැතිය හිමිව ඇති අතර, ඒ අනුව පුරප්පාඩු වන දුම්රිය සාමාන්‍යාධිකාරි ධුරයට කේ.රවීන්ද්‍ර පද්මප්‍රිය මහතා පත් කිරීමට කැබිනට් අනුමැතිය හිමි වූ බවයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා කියා සිටියේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required