
2025 වර්ෂයේ දැකගත හැකි විශාලතම උල්කාපාත වර්ෂාව අද (12) මධ්‍යම රාත්‍රියේදී සහ හෙට අලුයම් කාලයේ දැකබලා ගත හැකි බව අභ්‍යවකාශ විද්‍යාඥ සහ ඉංජිනේරු කථිකාචාර්ය ගිහාන් වීරසේකර මහතා පවසනවා.
පර්සීස් තාරුකාව ආශ්‍රිතව සිදුවන බැවින් මෙම උල්කාපාත වර්ෂාව "පර්සීස්" වශයෙන් නම්කර ඇති බවයි ඔහු කියා සිටියේ.
එමෙන්ම, මෙම උල්කාපාත වර්ෂාව හොඳින්ම දැකගත හැකි වන්නේ හෙට අලුයම 5ට පමණ උතුරු දිශාවෙන් බවද ඒ මහතා වැඩිදුරටත් පැවසුවා.
එහිදී පැයකට උල්කාපාත සියයක් පමණ දැකගත හැකිවනු ඇති බවද ඔහු තවදුරටත් සඳහන් කළා.