/
/
title icon
ගැටලාව වැවේ උණ්ඩ ගොඩක් - ආවේ කෙසේදැයි පරීක්ෂණ
ගැටලාව වැවේ උණ්ඩ ගොඩක් - ආවේ කෙසේදැයි පරීක්ෂණ
Editor
20 hours ago
Share:
ගැටලාව වැවේ උණ්ඩ ගොඩක් - ආවේ කෙසේදැයි පරීක්ෂණ

ගැටලාව වැවේ තිබී මේ වනවිට ටී-56 වර්ගයේ ජීවඋණ්ඩ 7,118ක් සොයා ගෙන ඇති බව පොලීසිය පවසනවා. 

ගැටලාව වැව වෙත පැමිණි පුද්ගලයෙකු මුල්වරට මෙහි උණ්ඩ තිබෙන දැක පොලිසිය දැනුම්වත් කිරීමෙන් අනතුරුවයි මෙලෙස එහි තිබී ජීවඋණ්ඩ තොගයක් සොයා ගැනුණේ. 

එහිදී ඊයේ දිනයේ සිදු කළ සෝදිසියේදී ජීව උණ්ඩ 5,038ක් සොයා ගෙන තිබුණා. 

පසුව යළිත් අද සිදුකළ සෝදිසියේදී ආරක්ෂක අංශ විසින් ටී--56 උණ්ඩ 1965ක් සහ ආධාරක අවි උණ්ඩ 115ක් සොයාගත්තා‍. 

ඊට අමතරව ටී-56 මැගසින් 11ක් සහ ඔයිල් කෑන් 05ක්ද සොයා ගෙන ඇති බව පොලීසිය සඳහන් කළා‍. 

සොයාගත් උණ්ඩ තොගය පොලිස් භාරයට ගෙන ඇති අතර මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකෙරෙනවා. 

edbcb38713b5133622e4302c01e449bf.jpg
Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required