
මාස 6කට අධික කාලයක් කණ්ඩලම වැව් තාවුල්ලේ ප්‍රතිකාර ලබමින් සිටි 'කණ්ඩලමේ හැඩකාරයා' නමින් හැඳින්වුණු වනඅලියා අද පස්වරුවේ මියගොස් තිබෙනවා.
අවුරුදු 25 -30 ත් අතර වයසේ පසු වූ මෙම සුන්දර සද්දන්තයා ඉදිරි පාදයකට එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් තුවාල ලබා අසාධ්‍ය තත්ත්වයෙන් පසුවුණා.
අලි - මිනිස් ගැටුමේ ප්‍රතිඵලයක් ලෙස මෙම වනඅලියා අවස්ථා රැසකදීම වෙඩි ප්‍රහාරයන්ට ලක්ව සිටියා.
මීට වසරකට පමණ පෙරද මෙම වන අලියා වෙඩි ප්‍රහාරයකට ලක්ව ප්‍රතිකාර ලබා වනයට මුදාහැර සිටියදී යළිත් මෙලෙස වෙඩි ප්‍රහාරයකට ලක්ව සිටියා.