/
/
title icon
අද කොටස් වෙළෙඳපොලේ ලොකු පිම්මක්
අද කොටස් වෙළෙඳපොලේ ලොකු පිම්මක්
News Editor
1 month ago
Share:
අද කොටස් වෙළෙඳපොලේ ලොකු පිම්මක්

මෙරට ප්‍රාග්ධන වෙළෙඳපොළ ඉතිහාසයේ තවත් කඩඉමක් පසුකරමින්, අද දිනයේ ගනුදෙනු අවසානයේදී කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 20,000 ඉක්මවා ගියා. 

ඒ අනුව දිනය තුළ ඒකක 289.69 කින් සියලු කොටස් මිල දර්ශකය ඉහළ ගිය අතර දිනයේ ගනුදෙනු අවසානයේදී එය ඒකක 20,218.36 ක් ලෙසින් සටහන් වුණා. 

මීට පෙර පසුගිය අගෝස්තු 04 දින ගනුදෙනු අතරවාරයේදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 20,000 සීමාව ඉක්මවා යාමට සමත් වුවද, එදින ගනුදෙනු අවසානයේ දී එහි අගය ඒකක 20,000 සීමාවෙන් පහළට පැමිණ නතර වී තිබුණා. 

එසේම, අද දිනයේ රුපියල් බිලියන 9.54ක දැවැන්ත ගනුදෙනු පිරිවැටුමක් වාර්තා වීමද විශේෂත්වයක්‍. 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required