
රුසියාව හා යුක්‍රේනය අතර සටන්විරාමයක් ඇතිකරගැනීම සඳහා පැවැත් වූ ට්‍රම්ප් - පුටින් සාකච්ඡා ස්ථිර එකඟතාවයකින් තොරව අවසන්ව වුවද, යුද්ධය අවසන් කිරීමට අමෙරිකානු ජනාධිපතිවරයා දක්වන උනන්දුව සම්බන්ධයෙන් තමා සතුටුවන බව රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් ප්‍රකාශ කළා.
ඔවුන් දෙදෙනා අතර ඇලස්කාවේ පැවැති තීරණාත්මක සාකච්ඡාවෙන් පසුව පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදීයි ඔහු මේ බව කියා සිටියේ.
යුක්‍රේන ගැටුමට මූලික හේතුන් අවසන් කිරීමට පියවර ගතයුතු බවත්, මෙම සාකච්ඡා කඩාකප්පල් කිරීමට යුක්‍රේනය සහ යුරෝපය කටයුතු නොකරනු ඇතැයි තමා අපේක්ෂා කරන බවත් රුසියානු ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළා.
එමෙන්ම, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත්තේ, මෙම සාකච්ඡාවේ දී අවසන් එකඟතාවකට නොපැමිණියද, රුසියාව සහ යුක්‍රේනය අතර අවසන් එකඟතාවක් ඇතිවනු ඇති බවට තමා විශ්වාසය පළකරන බවයි.
මේ අතර අතිශය සීමිත අවස්ථාවකදී ඉංග්‍රීසි භාෂාව ප්‍රසිද්ධියේ භාවිතා කරන පුටින්, ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට මොස්කව් වෙත පැමිණෙන්නැයි ආරාධනා කරනු ලැබුවා.
ඊට ප්‍රතිචාර ලෙස ට්‍රම්ප් පවසා සිටියේ "ආ..., ඒක සිත්ගන්නා සුළුයි" යනුවෙනි.
ඊට අදාළව පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී පළවූ අදහස්.