/
/
title icon
තවත් අවුරුදු දෙකකින් රට තිබුණු තැනට - මහ බැංකු අධිපති කියයි
තවත් අවුරුදු දෙකකින් රට තිබුණු තැනට - මහ බැංකු අධිපති කියයි
News Editor
1 month ago
Share:
තවත් අවුරුදු දෙකකින් රට තිබුණු තැනට - මහ බැංකු අධිපති කියයි

මීළඟ වසර දෙක තුළ රට ආර්ථික අර්බුදයට පෙර පැවති තත්ත්වයට යළි පත්වනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා. 

චැනල් නිවුස් ඒෂියා ප්‍රවෘත්ති වෙබ් අඩවිය සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා. 

කොළඹ කොටස් වෙළෙඳපොළ සහ ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව එක්ව සංවිධාන කළ ‘Invest Sri Lanka’ ආයෝජක සමුළුව පසුගියදා සිංගප්පූරුවේදී පැවැත්වුණා. 

එහිදී කම්කරු අමාත්‍ය හා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිසමේ සභාපති මහාචාර්ය එච්. දිසාබණ්ඩාර ඇතුළු පිරිසක් ප්‍රධාන දේශන ඉදිරිපත් කරනු ලැබුවා. 

ඊට සමගාමීවයි මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සිංගප්පූරුවේදී චැනල් නිවුස් ඒෂියා සමග සම්මුඛ සාකච්ඡාවකට එක්ව තිබුණේ. 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required