
ඉදිරි පැය 36 සදහා බලපැවැත්වෙන පරිදි කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් තද වැසි පිළිබඳ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි ඔවුන් පවසන්නේ.
වයඹ පළාතෙත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් වැසි ඇති විය හැකි බව සදහන්.
දිවයිනේ සෙසු ප්‍රදේශවල වැසි රහිත කාලගුණ තත්ත්වයක් බලාපොරොත්තු විය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළා.
මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු මැද, වයඹ සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට පැයට කිලෝමීටර 50ක පමණ තද සුළං ඇතිවිය හැකියි.