/
/
title icon
රතන හිමි ඉන්නා තැනක් නැහැ - කරුණු කියූ පසු අත්අඩංගුවට ගන්න වරෙන්තුවක්
රතන හිමි ඉන්නා තැනක් නැහැ - කරුණු කියූ පසු අත්අඩංගුවට ගන්න වරෙන්තුවක්
Editor
15 hours ago
Share:
රතන හිමි ඉන්නා තැනක් නැහැ - කරුණු කියූ පසු අත්අඩංගුවට ගන්න වරෙන්තුවක්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් අත්අඩංගුවට ගැනීමට අධිකරණය මගින් වරෙන්තු නිකුත් කර තිබෙනවා.

පොලිසිය විසින් අධිකරණයට සිදුකරන ලද කරුණු දැක්වීමක් සැලකිල්ලට ගනිමින් මෙම වරෙන්තු නිකුත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් මහතා සඳහන් කළා.

ඒ අනුව, අතුරලියේ රතන හිමි අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය මගින් වරෙන්තු නිකුත් කර ඇති බවයි ඔහු කියා සිටියේ. 

2020 වසරේ මහමැතිවරණයෙන් අපේ ජනබල පක්ෂයට හිමිවූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයට අදාළව පූජ්‍ය අතුරලිය රතන හිමිට එල්ල වූ චෝදනාවක් සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය විමර්ශනයක් සිදුකරමින් සිටිනවා.

බලපෑම් කොට එම මන්ත්‍රී ධුරය ලබාගැනීම සඳහා එම පක්ෂයේ මහලේකම් පූජ්‍ය වේදිනිගම විමලතිස්ස හිමියන් පැහැරගෙන ගොස් රඳවා තබාගත් බවට රතන හිමිට චෝදනා එල්ල වී තිබෙනවා.

එම විමර්ශනවලට අදාළව රතන හිමි අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ අපරාධ කොට්ඨාසය උන්වහන්සේ වැඩසිටි රාජගිරිය සඳහම් සෙවණට ගියද උන්වහන්සේ එහි නොසිටි බවත් දුරකථනයද විසන්ධි කර ඇති බවත් එම කොට්ඨාසය මීට පෙර අධිකරණයට දැනුම් දී තිබුණා.

ඒ අනුව රතන හිමියන් අධිකරණය මඟහරිමින් සිටින බවට කොළඹ අපරාධ කොට්ඨාසය කළ කරුණු දැක්වීමකට අනුව නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය අද මෙලෙස වරෙන්තු නියෝගයක් නිකුත් කරනු ලැබුවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required