/
/
title icon
තැපැල් වෘත්තිකයින්ගේ වර්ජනය අදත්
තැපැල් වෘත්තිකයින්ගේ වර්ජනය අදත්
News Editor
1 month ago
Share:
තැපැල් වෘත්තිකයින්ගේ වර්ජනය අදත්

තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය සහ ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ ආරම්භ කළ අඛණ්ඩ වැඩවර්ජනය අද දිනය තුළත් ක්‍රියාත්මක වනවා.

ඉල්ලීම් 19ක් මුල් කර ගනිමින් ඊයේ පස්වරු 4.00 සිට ඔවුන් මෙම වර්ජනය ආරම්භ කරනු ලැබුවා.

මධ්‍යම තැපැල් හුවමාරුවෙන් ආරම්භ වූ මෙම වැඩවර්ජනය ඊයේ මධ්‍යම රාත්‍රී 12.00 සිට දිවයින පුරා ක්‍රියාත්මක බව තැපැල් වෘත්තීය සමිති පෙරමුණ සඳහන් කළා.

මේ හේතුවෙන් අද දිනයේදී සියලුම තැපැල් කටයුතු සිදු නොවනු ඇති බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා කියා සිටියා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required