/
/
title icon
මුදල් අච්චු ගසා නැහැ - ආණ්ඩුවෙන් ප්‍රකාශයක්
මුදල් අච්චු ගසා නැහැ - ආණ්ඩුවෙන් ප්‍රකාශයක්
News Editor
1 month ago
Share:
මුදල් අච්චු ගසා නැහැ - ආණ්ඩුවෙන් ප්‍රකාශයක්

ආණ්ඩුව විසින් කිසිසේත්ම මුදල් අච්චු ගැසීමක් සිදුකර නොමැති බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත මහතා අද පාර්ලිමේන්තුවේදී අවධාරණය කළා.

ඒ අනුව, ට්‍රිලියන 1.2ක මුදලක් වත්මන් ආණ්ඩුව යටතේ මුදල් අච්චු ගසා ඇති බව යම් සංවිධානයක් විසින් ප්‍රකාශ කර ඇති බවත්, එම ප්‍රකාශය හිතාමතා හෝ නොදැනුවත්භාවය නිසා සිදුකරන ලද ප්‍රකාශ බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා එහිදී කියා සිටියා.

පවතින තත්ත්වය අනුව, ආණ්ඩුවට මුදල් අච්චු ගැසීමට හැකියාවක් නොමැති බවත්, නීතිමය වශයෙන්ද එයට ඉඩක් නොමැති බවද ඔහු පෙන්වා දුන්නා.

මහ බැංකුව විසින් පාලනය කරන සංචිත මුදල් හරහා මුදල් ප්‍රසාරණය වීම සිදු වී ඇති බවද, එය ආණ්ඩුව විසින් මුදල් නෝට්ටු අච්චු ගැසීමක් නොවන බවද එය සම්පූර්ණයෙන්ම සමාජය නොමඟ යැවීමක් බවද ඔහු ප්‍රකාශ කළා.

ලංකාවේ මේ වන විට සංචිත මුදල් ට්‍රිලියන 1.6ක් පවතින බවත්, එසේම පුළුල් මුදල් සැපයුම ට්‍රිලියන 15කට ආසන්න වී ඇති නිසා පුළුල් මුදල් සැපයුමේ වර්ධනයක් සිදු වී ඇත්තේ මහ බැංකුවේ මැදිහත්වීම නිසා මිස, ආණ්ඩුව මුදල් අච්චු ගැසීමක් නිසා නොවන බව නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required