/
/
title icon
වරෙන්තු ලැබූ තුසිත හල්ලොලුව අත්අඩංගුවට
වරෙන්තු ලැබූ තුසිත හල්ලොලුව අත්අඩංගුවට
Editor
6 hours ago
Share:
වරෙන්තු ලැබූ තුසිත හල්ලොලුව අත්අඩංගුවට

අධිකරණය මගහරිමින් සිටි ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු විධායක අධ්‍යක්ෂ තුසිත හල්ලොලුව මහතාව අද උදෑසන අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ ඔහුව අත්අඩංගුවට ගන්නා ලෙස දන්වා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ඊයේ වරෙන්තු නිකුත් කර තිබූ පසුබිමකයි.

කොළඹ අපරාධ කොට්ඨාශය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් පසන් අමරසේන මහතා විසින් මෙලෙස වරෙන්තුව නිකුත් කරනු ලැබුවා.

මෑතකදී නාරාහේන්පිට ප්‍රදේශයේදී තුසිත හල්ලොලුව මහතාගේ වාහනයට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාශය විසින් විමර්ශනයක් ආරම්භ කර තිබුණා.

එම විමර්ශනය සම්බන්ධයෙන් පොලීසිය කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුවයි මහේස්ත්‍රාත්වරයා මෙම වරෙන්තුව නිකුත් කළේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required