
තැපැල් සේවකයින් ආරම්භ කළ අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගය තෙවන දිනයටත් අද දිනයේ ක්‍රියාත්මක කරන බව තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය පවසනවා.
එහි සභාපති ජී.ජී.සී. නිරෝෂණ මහතා සඳහන් කළේ, අමාත්‍යවරයා සමඟ විධිමත් සාකච්ඡාවක් ලබාදෙන ලෙස ඉල්ලා වර්ජනය ක්‍රියාත්මක කරන බවයි.
ඇඟිලි සලකුණු කිරීමේ යන්ත්‍රය ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් එල්ල වන චෝදනා සම්පූර්ණයෙන්ම අසත්‍ය බවද ජී.ජී.සී. නිරෝෂණ මහතා කියා සිටියා.
කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් අදහස් දක්වන නියෝජ්‍ය තැපැල්පති චමීශා ද සිල්වා මහත්මිය පවසන්නේ, වර්ජනයට හේතුව ඇඟිලි සලකුණු කිරීමේ යන්ත්‍රය ක්‍රියාත්මක කිරීම බවයි.