
කච්චතිවූ යනු ශ‍්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පිහිටි කුඩා දූපතකි. මෙය වර්ග අක්කර 285 ක ප‍්‍රමාණයකින් සමන්විත වේ. මෙම දූපත යාපනයට ආසන්නව පිහිටා ඇති අතර මෙය දේශපාලනිකල ආර්ථික සහ ආගමික වැදගත්කමකින් යුතුවේ.
ඉන්දියානු දමිළ කතෝලික ජනතාව විසින් සාන්ත ඇන්තෝනි දේවස්ථානය මුලින්ම ඉදිකරන ලද බවයි ඉතිහාසයේ සඳහන් වන්නේ. අදටත් වාර්ෂිකව පවතින ආගමික උත්සවයට ඉන්දියානු සහ ශ‍්‍රී ලාංකික කතෝලික දෙපාර්ශjයේම ධීවරයින් සහ ජනතාව එක්වේ. මෙහිදී ආගමික සහ සංස්කෘතික අවස්ථාවන්ද ඔවුන්ට උදාවෙයි.
14-15 වන ශත වර්ෂයේ දී කච්චතිවූ යාපනය රාජධානියට අයත් විය. පසුව නෙදර්ලන්ත සහ බි‍්‍රතාන්‍ය ආධිපත්‍යය යටතේ පැවතුණ බවයි ඉතිහාසයේ සඳහන් වන්නේ. ඉන්දියාව 1947 සහ ශ‍්‍රී ලංකාව 1948 නිදහස ලබා ගත් පසුව කච්චතිවූහි අයිතිය පිළිබඳව ගැටුම් මතුවිය. 1974 දී ශ‍්‍රී ලංකාවේ අගමැතනිි සිරිමාවෝ බණ්ඩාරනායක සහ ඉන්දියාවේ අගමැතිනි ඉන්දිරා ගාන්ධි අත්සන් කළ ගිවිසුම මගින් කච්චතිවූ ශ‍්‍රී ලංකාවට අයත් බව තහවුරු විය.
1976 ගිවිසුම මගින් දෙරට අතර මුහුදු සීමා තීරණය කරමින් ඉන්දියානු ධීවරයින්ට ශ‍්‍රී ලංකාවේ මුහුදු සීමාවල ධීවර කටයුතු කිරීමට තිබූ අයිතිවාසිකම් සම්පූර්ණයෙන්ම අවසන් කරන ලදී.නමුත් 1974-1976 ගිවිසුම් පිළිබඳව තමිල්නාන්ඩු ප‍්‍රදේශයේ දේශපාලනඥයින් විරෝධතා පෙන්වීය. හිටපු තමිල්නාන්ඩු මහ ඇමතිනිය ජයලලිතා සහ අනෙකුත් දේශපාලනඥයින් ඉහළ අධිකරණයට පෙත්සම් ඉදිරිපත් කරමින් ගිවිසුම ඉන්දියානු ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට නොගැලපෙන බව පෙන්වීය. නමුත් ඉන්දියානු රජය සහ ශ‍්‍රී ලංකා රජය මෙම ගිවිසුම වලංගු බව සහ දූපත ශ‍්‍රී ලංකාවට අයත් බව පවසමින් විවාදය නිමකළාය.
1976 ගිවිසුම අත්සන් කළද තවමත් ඉන්දියානු ධීවරයින් මසුන් ඇල්ලීමට ශ‍්‍රී ලංකා මුහුදු සීමාව උල්ලංඝනය කරති. මේ හේතුවෙන් ඔවුන් ශ‍්‍රී ලංකා නාවික හමුදා භාරයට පත්වන අන්දම නිරන්තරව මාධ්‍ය ඔස්සේ අපිට අසන්නට දකින්නට ලැබෙනවා.
මෑතකදී දමිළ සිනමා නළුවකු වන තලපති විජේ තම පක්ෂය ආරම්භ කරන විට කච්චතිවූ සම්බන්ධයෙන් අදහස් පළ කර තිබෙනවා. එහිදී ඔහු සඳහන් කළේ ‘‘කච්චතිවූ ඉන්දියාවට අයිති විය යුතු බවයි” මෙය තමිල්නාඩු ජනතාව අතර ජනප‍්‍රිය අරගලයක් බවට පත්ව ඇත.
මේ සම්බන්ධයෙන් ශ‍්‍රී ලාංකික ජනතාවද සිය අදහස් දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ කියා සටියේ කච්චතිවූ අයිතිය ශ‍්‍රී ලාංකිකයන්ට මිස ඉන්දියාවට නොවන බවයි.
කෙසේ වෙතත් අගෝස්තු 27 වනදා අමාත්‍ය විජිත හේරත් ඉන්දීය නළු තලපති විජේ පැවසූ ප‍්‍රකාශයට පිළිතුරු දෙමින් මෙසේ ප‍්‍රකාශ කළේය. ‘‘කච්චතිවූ අයිතිය පිළිබඳව කිසිදු තර්කයක් නොමැති බවත් එය සම්පූර්ණයෙන්ම ශ‍්‍රී ලංකාවට අයත් බවයි” ඔහු තවදුරටත් අවධාරණය කළේ දේශපාලනික අරමුණු සඳහා ශ‍්‍රී ලංකා භූමිය භාවිත නොකිරීමේ වැදගත්කම පිළිබඳවයි.
ඒ අනුව කච්චතිවූ යනු ශ‍්‍රී ලාංකා භූමියට අයිතිවාසිකම් කියන දූපතකි. නමුත් එහි පැමිණ තම ආගමික වතාවත් කිරීමට ඉන්දියානු සහ ශ‍්‍රී ලාංකික දෙපාර්ශවයේම කතෝලික ජනතාවට අයිතියක් තිබෙනවා. එවන් පසුබිමකම දේශපාලනික අරමුණ සාක්ෂාත් කර ගැනීමට අසල්වැසි රටක දූපතක් බිල්ලට ගැනීම සුදුසු ද යන්න ඇසිය යුතුම කරුණක්.
තිළිණි යාපා