
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මිල සූත්‍රයට අනුකූලව මාසිකව සිදු කරනු ලබන සිපෙට්කෝ ඉන්ධන සිල්ලර මිල ගණන් සංශෝධනයට අදාළව, සැප්තැම්බර් මස ඉන්ධන මිල ගණන් පහත දමා තිබෙනවා.
ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලිටරයක් රුපියල් 6කින් පහළ දමා ඇති අතර එහි නව මිල 299ක් වනවා.
ලංකා සුදු ඩීසල් ලීටරයක් රුපියල් 6කින් පහළ දමා ඇති අතර එහි නව මිල 283ක්.
සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 12කින් පහළ දමා ඇති අතර නව මිල 313ක් ලෙස දැක්වෙනවා.
ලංකා භූමිතෙල් මිලෙහි සහ ඔක්ටේන් 95 පෙට්‍රල් මිලෙහි වෙනසක් සිදුව නැහැ.