/
/
title icon
ඇෆ්ගන් භූ කම්පනයේ මරණ ගණන 800 ඉක්මවයි
ඇෆ්ගන් භූ කම්පනයේ මරණ ගණන 800 ඉක්මවයි
News Editor
2 days ago
Share:
ඇෆ්ගන් භූ කම්පනයේ මරණ ගණන 800 ඉක්මවයි

ඇෆ්ගනිස්තානයේ නැගෙනහිර කලාපයේ හටගත් රික්ටර් මාපකයේ ඒකක 6ක ප්‍රබලත්වයෙන් යුතු භූ කම්පනයෙන් මියගිය සංඛ්‍යාව 800 ඉක්මවා ගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, තවත් පිරිසක් සුන්බුන් අතර සිරවී සිටින බවයි.

ඇෆ්ගනිස්තානයේ ජලාලාබාද් නගරයට කිලෝ මීටර් 27ක් දුරින් පිහිටි ස්ථානයක රික්ටර් මාපකයේ ඒකක 6ක ප්‍රබලත්වයෙන් යුතු භූ කම්පනයක් එරට වේලාවෙන් ඊයේ රාත්‍රී 11.47ට පමණ හටගෙන තිබුණා.

පොලෝ මට්ටමෙන් කිලෝ මීටර් 8ක් ගැඹුරේ ඇති වූ මේ භූ කම්පනයෙන් නන්ගහාර් සහ කුනාර් යන ප්‍රාන්තවලට දැඩි බලපෑම් එල්ල වී ඇති අතර නිවාස සහ ගොඩනැගිලි රැසකට හානි සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

භූ කම්පනයේ වැඩිම බලපෑමට ලක්වූ කුනාල් කලාපයේ සුන්බුන් අතර සිරවී සිටින සිය ගණන් පිරිස මුදාගැනීමට තලේබාන් පරිපාලනය දැඩි වෙහෙසක් ගනිමින් සිටිනවා.

බලධාරීන් පවසන්නේ, පවතින තත්ත්වය හමුවේ මරණ ගණන ඉහළ යාමේ අවස්ථාවක් පවතින බවයි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required