
සාමාජිකත්වය අත්හිටුවනු ලැබූ මේ වනවිට සමගි ජන බලවේගයේ සාමාජිකත්වය ලබාගෙන ඇති පිරිසට පැනවූ පක්ෂ තහනම අහෝසි කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබෙනවා.
ඒ, සැප්තැම්බර් 06 වැනිදා කොළඹ ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේදී පැවැත්වීමට නියමිතව ඇති එක්සත් ජාතික පක්ෂ සම්මේලනයට සමගාමීවයි.
ඒ සඳහා හිටපු ජනාධිපතිවරුන්ට, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහ විපක්ෂයේ සියලු දේශපාලන පක්ෂ නායකයන්ට ඇරියුම් කිරීමට නියමිතව තිබෙනවා.
එහිදී පක්ෂ නායක, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමටද නියමිතයි.