
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 74 වන සංවත්සරය අදට යෙදී තිබෙනවා.
සිය සංවත්සර සැමරුම් උත්සවය පක්ෂ මූලස්ථානයේදී අද පස්වරුවේ පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දුමින්ද දිසානායක මහතා කියා සිටියේ.
ඒ සඳහා ආසන සංවිධායකවරුන්ට මෙන්ම පක්ෂ ක්‍රියාකාරීන්ට ආරාධනා කර ඇති බව ඔහු සඳහන් කළා.