/
/
title icon
ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත් කෙරේ
ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත් කෙරේ
News Editor
3 hours ago
Share:
ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත් කෙරේ

2025 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ඊයේ රාත්‍රියේ අන්තර්ජාලයට නිකුත් කෙරුණා.

පසුගිය අගොස්තු 10 වැනිදා පැවති මෙවර ශිෂ්‍යත්ව විභාගයට අයදුම්කරුවන් 308,026ක් ඉල්ලුම් කර තිබුණා.

එම අයදුම්කරුවන් අතරින් 303,670 දෙනෙකු මෙවර ශිෂ්‍යත්ව විභාගය සඳහා පෙනී සිටි අතර ඉන් සිසුන් 51,969 දෙනෙකු කඩඉම් ලකුණු සංඛ්‍යාව ඉක්මවා ඇති බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළා.

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවි වන www.doenets.lk හෝ www.results.exams.gov.lk වෙත පිවිස ලබාගත හැකියි.

විභාග අයදුම්කරුවන්ගේ නිවැරදි විභාග අංකය ඇතුළත් කිරීමෙන් ප්‍රතිඵල ලබාගත හැකි අතර අදාළ විභාග ප්‍රතිඵල සටහන බාගත කර මුද්‍රිත පිටපතක් ලබාගැනීමටද පහසුකම් සලසා ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

විදුහල්පතිවරුන් වෙත ලබා දී ඇති පරිශීලක නාම සහ මුරපද භාවිත කර අද දිනයේ සිට අදාළ පාසලේ විභාග ප්‍රතිඵල ලේඛන බාගත කරගැනීමට හැකි අතර අපේක්ෂකයින්ගේ කේවල සහතික පත්, අභියාචනා සලකා බැලීමෙන් පසු පාසල් වෙත තැපැල් මඟින් යොමුකිරීමට නියමිතයි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required