
ඇල්ල - වැල්ලවාය මාර්ගයේ 24 වැනි සැතපුම් කණුව ආසන්නයේ සිදුවූ රිය අනතුරෙන් මේ වනවිට මියගිය පුද්ගලයින් ගණන 15ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
එහිදී තවත් පුද්ගලයින් 18 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කිරීමටයි පියවර ගැනුණේ.
මියගිය පුද්ගලයින් අතර කාන්තාවන් 9 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 6 දෙනෙකු වනවා.
පිරිමි පුද්ගලයින් 11 දෙනෙකු සහ කාන්තාවන් 7 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති අතර එම පිරිසට ළමුන් 5 දෙනෙකුද අයත් බවයි පොලිසිය කියා සිටියේ.
විනෝද චාරිකාවක් ගොස් යළි පැමිණෙමින් සිටි පිරිසක් රැගත් බස් රථයක් මීටර් 200ක පමණ ප්‍රපාතයකට පෙරළී මෙම අනතුර ඊයේ රාත්‍රියේ සිදුව තිබුණා.
මෙලෙස අනතුරට ලක්වී ඇත්තේ තංගල්ල නගර සභාවේ සේවකයින් පිරිසක් රැගත් බස් රථයක්.
පුද්ගලයින් මුදාගැනීම සඳහා පොලීසිය, යුද හමුදාව, ගුවන් හමුදාව,ගිනි නිවීමේ සේවා දෙපාර්තමේන්තුව සහ ප්‍රදේශවාසින් එක්ව සිටියා.
අනතුර සිදුවන අවස්ථාවේ පුද්ගලයින් 36කට වැඩි පිරිසක් බස් රථය තුළ සිට ඇති බව සඳහන්.
කෙසේ වෙතත්, බස් රථය අනතුරට පත් ස්ථානයේ පැවැති දැඩි බැවුම් සහිත තත්ත්වය හේතුවෙන් පිරිස මුදා ගැනීමට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදුවූ බව පොලීසිය සඳහන් කළා.