/
/
title icon
රහට බෙදන දේශපාලන උගුල්
රහට බෙදන දේශපාලන උගුල්
Thilini Yapa
5 hours ago
Share:
රහට බෙදන දේශපාලන උගුල්

කාලයෙන් කාලයට දේශපාලන වේදිකාවට පැමිණීමේ අපේක්ෂකයින් විවිධ අරමුණු ජනතාව අතරට රැගෙන ඒම අසාමාන්‍ය කරුනක් නොවේ. එය ලොව පුරා සිදුවන්නක්. විශේෂයෙන්ම තුන්වන ලෝකයේ සංවර්ධනය වෙමින් පවතින රටවල්වලට මෙය විශේෂයි. සංවර්ධනය නොවුනු රටවල්වල ජනතාවට අවශ්‍යය ඔවුන්ගේ ගැටළුවලට විසඳුම් ලබා දෙන නායකයෙක්. ශ්‍රී ලංකාව තුළ ද කලින් කලට එන දේශපාලන නායකයින් විවිධ අරමුණු ඉටු කරන බවක් පැවසුවත් ඉන් කොපමණ  ප්‍රමාණයක්  ඉටු වී තිබෙනවාද යන්න පසුගිය අවුරුදුවල ලංකාවෙහි තත්ත්වය පිරික්සා  බැලීමේදී පැහැදිලි වේ. කෙසේ වෙතත් ජනතාවගේ ඡන්දය ලබා ගැනීමටත්, ඔවුන්ගේ ආකර්ෂණය තමා වෙත ලබා ගැනීමේ අරමුණ ඇතිවත් දේශපාලන අපේක්ෂකයන් කලින් කලට තම අරමුණු ජනතාවට පවසන බවයි ඉතිහාසය පුරාම අපිට දක්නට ලැබුණේ.  මේ අතර තම අරමුණු ඒ අයුරින් ඉටු කළ  දේශපාලන නායකයින්ද නැතුවාම නොවෙයි.

මේ අනුව බලන විට අසල්වැසි ඉන්දියාවෙහිද වරින් වර දේශපාලනයට පැමිණෙන අපේක්ෂකයන් සහ  දේශපාලන නායකයින්  සිය අරමුණු ජනතාවට ප්‍රකාශට පත් කර ඇත. එහිදී ශ්‍රී ලංකාවට අයිති කච්චතිවූ දූපතේ අයිතිය ඉන්දියාව සතු කරගත යුතු බව පවසා තිබේ. ඒ වෙනුවෙන් විවිධ ක්‍රියාමාර්ග ගෙන ඇති බවද දැක ගත හැකි වේ. ඒ අතරින්  හිටපු තමිල්නාඩු මහ ඇමතිනිය  ජයලලිතා සිය දේශපාලන දිවියේ අවසන් කාලය වනතුරුම කච්චතිවුහි අයිතිය ලබාගැනීමේ අරමුණ අතහැර දැමුවේ නැත.  2024  අප්‍රේල් මාසයේදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිද කච්චතිවූ දූපත ශ්‍රී  ලංකාවට පවරාදීම පිළිබඳව විවේචනීය ප්‍රකාශයක් සිදු කළා.  එහිදී ඔහු ප්‍රකාශ කළේ ඉන්දීය ධීවරයින්ගේ අයිතිවාසිකම් කඩකිරීමක් සිදුවන බවයි. මෙයද ඉන්දීය මැතිවරණ සමයේදී සිදුකළ ප්‍රකාශයක් වන අතර මෙයද මන්ත්‍රීවරුන්ගේ සහාය අපේක්ෂාවෙන් සිදු කළ  ප්‍රකාශයක් බවයි විශ්ලේෂකයින් සඳහන්  කර ඇත්තේ. එමෙන්ම පසුගිය අගෝස්තු විසි එක් වන දින මදුරාසියේ පැවැති රැලියකදී ඉන්දීය නළුවකු වන තලපති විජේ '' කච්චතිවූ නැවතත් ශ්‍රී ලංකාවෙන් ලබා ගත යුතු බව ප්‍රකාශ කළේය'. මෙයද තමිල්නාඩු ජනතාවගේ සහාය ඔහු වෙත ලබා ගැනීමේ අරමුණින්  සිදුකළ ප්‍රකාශයක් බවයි පැහැදිලි වන්නේ. 

 

 

 

පසුව ඒ සම්බන්ධයෙන් අගෝස්තු මස 27 වන දා  විදේශීය අමාත්‍ය  විජිත හේරත් ප්‍රකාශයක් සිදු කරනු ලැබුවා. ඔහු සඳහන් කළේ ද මැතිවරණ කාලවලදී දේශපාලන වාසි උදෙසා මෙවැනි ප්‍රකාශ ජනතාවට සිදුකරන බවයි. එමෙන්ම කච්චතිවූ දූපතේ අයිතිය ශ්‍රී ලංකාව සතුයි යනුවෙන් ඔහු සඳහන්  කළේය. 

මේ අතර සැප්තැම්බර් 01 යාපනයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක කච්චතිවූ සම්බන්ධයෙන් අදහස් දැක්වූවා.  එහිදී ජනාධිපතිවරයා සඳහන් කළේ  ''මේ මුහුදත් , මේ ගොඩබිමත් ,මේ අහසක් අපේ ජනතාවට අයිතිය. කිසි විටෙක බලහත්කාරයෙන් හෝ ආධිපත්‍යයෙන්  මේවා යටපත් කරගැනීම සඳහා අපි ඉඩ දෙන්නේ නැහැ. රටේ කොතනක ඉපදුනත්, මොන භාෂාව කතා කළත් මොන සංස්කෘතියක ජීවත් වුණත් ජනතාවගේ අයිතීන් ආරක්ෂා කිරීම රජයක් හැටියට අපේ වගකීමක්'' බවයි ජනාධිපතිවරයා ප්‍රකාශ කරනු ලැබුවේ. එමෙන්ම අනතුරුව ජනාධිපතිවරයා කච්චතිවූ දූපතේ සංචාරයකද නිරත වුණි.

 

 

මේ අතර 1976 ගිවිසුමෙන් ඉන්දීය ධීවරයින්ට මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කළ නොහැකි බව පැවසූවත් අදටත් එය ප්‍රායෝගික නැත.  දිනෙන් දින නාවික හමුදා භාරයට පත්වන ඉන්දීය ධීවරයින් පිළිබඳව මාධ්‍ය තුලින් දකින්නට අසන්නට ලැබේ. එය ශ්‍රී ලංකාවෙහි වරදක් නොවන බවයි නැවත නැවතත් ප්‍රකාශ කළ යුත්තේ. ශ්‍රී ලංකාවට අයිතිය ඇති කච්චතිවූ දූපත ඉන්දීය කතෝලික ජනතාවට, ධීවරයින්ටත් වෘත්තයි. වසරකට වරක් පැවැත්වෙන ආගමික උත්සවයට දෙරටේම ජනතාවට පැමිණීමට අවසර ලබාදී  තිබිය දී මෙම භූමියේ අයිතිවාසිකම් කීම සුදුසුද යන්න ගැටළුවකි. 

 

ශ්‍රී ලංකාව වර්ග කිලෝමීටර් 65,000 කින් යුතු භූමියෙන් යුත් කුඩා රටකි. නමුත් අසල්වැසි ඉන්දියාව  වර්ග කිලෝමීටර්  3,287,000 කින් ‍යුතු භූමියෙන් විශාල රටකි. දකුණු ඉන්දියාවෙහි පිහිටිි තමිල්නාඩු ප්‍රාන්තයේ භූමි ප්‍රමාණය පමණක් 130,058 වේ. මෙවන් භූමියක් හිමි තමිල්නාඩු ජනතාවට පවා ලංකාවෙහි කච්චතිවු සම්බන්ධයෙන් ඇත්තේ දැඩි ආශාවකි. ඊට ප්‍රධාන හේතුව වරින් වර පැමිණෙන දේශපාලන නායකයින් කච්චතිවූ සම්බන්ධයෙන් අමුතු රසක් ජනතාවට පොවා තිබීමයි.  තලපති විජේ නළුවෙකු වීමද සුවිශේෂී කාරණාවක්.  ඔහු ජනාදරය දිනාගත්  වීර චරිත වලට පණ පෙවූ අති දක්ෂ රංගන ශිල්පියෙක් ලෙස ජනතාව වැළඳගෙන හමාරයි. එමෙන්ම ජනතාව ඔහුව ජීවමාන වීර චරිතයක් ලෙස ද දකිනු ලැබේ. මේ හේතුව නිසාම ඔහුට ජනතාව තමාවෙත පහසුවෙන් ලගාකර කරගත හැකිය. කච්චතිකවූ දූපතේ අයිතිය නැවත ලබා ගැනීම සහ තමිල්නාඩු ධීවරයින් සම්බන්ධයෙන් පවතින ගැටලු පිළිබඳව සඳහන් කිරීමද මොහුගේ එක් දේශපාලන උපාය මාර්ගයකි. ඒ තුළින් තමිල්නාඩු ධීවර ජනතාව මෙන්ම සාමාන්‍ය ජනතාවද ඔහු වෙත ළඟා කර ගැනීම ඉතාමත් පහසුයි. ඒ තුළින් ජනතාවගේ ආවේගය ඇවිස්සීමෙන් ඔහුගේ දේශපාලන ගමන සාක්ෂාත් කර ගැනීම පහසුවේ. ඉතිහාසයේ සිටි අනෙකුත් දේශපාලන නායකයින් මෙන්ම තලපති විජේද සිදු කරන්නේ එයයි. ධීවර හා සාමාන්‍ය ජනතාවට මෙම දූපතෙහි තිබෙන වටිනාකම සහ එය අප සතු කරගත යුතු බවයි ඔහු  පැවසුවේ. මෙහිදී පැහැදිලි වන්නේ ජනතාවගේ ආවේගය සහ සංවේදනා තුළින් දේශපාලන නායකයින් එදත්, අදත් ,හෙටත් තමන්ගේ දේශපාලන අරමුණු ඉටුකර ගැනීමට උත්සාහ දරන බවයි.   

එමෙන්ම 1974 සහ 1976 ගිවිසුම් අභියෝගයට ලක් කරන පෙත්සම් සම්බන්ධයෙන් 2025  සැප්තැම්බර් 15 වනදා  ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයේ දී අවසන් විභාගයෙන් පැවැත්වීමට නියමිතයි.

තිළිණි යාපා

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required